Chitika Smowtion 468x60


Tuesday, January 17, 2012

මර්වින් සිල්වා උත්හෝටිකය-දේශපාලන විග්‍රහය


සුපුරුදු පරිදි උසස් පෙළ ප්‍රථිපල ගැටලුව ක්‍රමයෙන් යට යමින් පවතී.ඒ වෙනුවට කරලියට පැමිණි මර්වින් සිල්වා සම්බන්ද ගැටලුව සහ විශ්වවිද්‍යාල ගැටලුවද වසා ගැනීමට නැවත වරක් ඉස්මතුවූ වූ එළවළු කුඩ අර්බුදය හා වෙනත් ප්‍රශ්න සමත් වනු ඇත. 

මර්වින් සිල්වා සම්බන්ද ගැටලුව අහම්බයක් නොව,බොහෝ කාලයක් අළු යට ගිනිපුපුරු මෙන් තිබුණකි.එය මේ වෙලාවේ ඉස්මතු වීම සමස්ථ දේශපාලන ව්‍යූහයම නිරුවත කිරීමට සමත් වෙනවා පමණක් නොව,භාරත-දුමින්ද ගැටුමින් පසු නැවත වරක් එවැන්නකට ඉඩ නොතබන බවට වූ ප්‍රකාශද ප්‍රශ්නාර්ථයක් බවට පත් කරලයි.

මර්වින් සිල්වා කැළණියට පැමිණි ආකාරය පිලිබදව එහි සිටි ප්‍රාදේශීය දේශපාලකයන්ගේ කැමැත්තක් නොතිබූ බවට දැන් දැන් ඔවුන් කරනා ප්‍රකාශ වලින් පෙනීයයි.එනමුත් කාලයක් මර්වින් සිල්වාගේ සියලු වැඩ අනුමත කරමින් සිට ඉන්පසු එයින් ඉවත්වී අතීතය විවේචනය කිරීමෙන් පමණක් තත්වය යහපත් වන්නේ නැත. එසේම මෙවැනි අවලස්සන සිදුවීම් මගින් ශ්‍රි ලංකා දේශපාලන සංදර්භය පරිණාමය වී තිබෙනා කුණුවූ ආකාරය පෙන්නුම් කරයි.

ඉවරයක්‌ නොවන ලේ වැගිරීම්

නිදහසින් පසු වැඩි කාලයක් ශ්‍රී ලංකා සමාජය ගත කලේ ලේ වැගිරීම් සහිතවය.අසාර්ථක වූ ජනතා විමුක්ති පෙරමුණේ හැත්තෑ එකේ සහ අසු නමය වසර වල සිදුවූ කැරලි ගැසීම නිසා දකුණේ සමාජය අඩාල වූ අතර ඉන්පසු උත්සන්න වූ කොටි සංවිධානයේ ක්‍රියාකලාපයන් නිසා මුළු රටම වසර ගණනාවක් ඒක තැන රැදිමෙන් නොතරවී පියවර ගණනාවක් ආපස්සටද ගියේය. මේ කරුණු සදහා ශ්‍රී ලංකා සමාජය සම්ප්‍රදායිකවම බෙදීම් වලට ඇති කැමැත්තද බලපෑවේය.නිදහසට පෙර ශ්‍රි ලංකාවේ පැවතියේ කුලය නිසා හටගත් බෙදීමකි.

නිදහසින් පසු එය ආගමික හා ජාතික වශයෙන් උත්සන්න වූයේය.එයට හේතුව නම් ශ්‍රී ලංකා සමාජය යටත්විජිත කරණයෙන් මිදුනේ අනාගතය පිලිබදව කිසිදු සැලසුමකින් තොර නිසාය.ශ්‍රී ලංකාවට වඩා සංකීර්ණ වූ ඉන්දියානු සමාජයත් එම බෙදීම් කළමනාකරණය කරගෙන ඉදිරියට යනවිට ශ්‍රී ලංකික සමාජය විදේශයන්හිදීද ද්‍රවිඩ ඩයස්පෝරාව හා සිංහල ඩයස්පෝරාව ලෙස වෙන වෙන්ව කටයුතු කරයි.

යුද්ධය බිහිසුණු,අමිහිරි අත්දැකීම් වලින් යුක්ත එකකි.ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද 2006දී යුද්ධය ආරම්භ කිරීමට සිදුවුයේ වෙන කළහැකි දෙයක් නොමැති වූ නිසාය.දැන් යුද්ධයෙන් පසු දෙමළ ජාතික සංවිධානය ඇතුළු ඇතැම් විදේශ ගත ද්‍රවිඩ ප්‍රජාව ශ්‍රී ලංකාවට එරහිව කටයුතු කිරීම මගින් තත්වය යහපත් අතට පත්කර ගත නොහැකිය.අවශ්‍යවන්නේ දශක ගණනාවක් එකිනෙකා කෙරෙහි පවතී අවිශ්වාසය දුරුකර ගැනීමය.ඒ සදහා අවශ්‍ය කැපකිරීම් සිදුකිරීමට සිංහල,දෙමළ සියල්ලෝම උත්සාහයක් ගත යුතුය. 

තත්වය හරි හැටි වටහා නොගැනීම

2009 මැයි මාසයේදී කොටි සංවිදානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය බොහෝ සෙයින් ඉහල ගියේය.එසේම නිදහසින් පසු ශ්‍රී ලංකාව බිහි කල වඩාත්ම ජනප්‍රසාදයක් සහිත ජනනායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.එනමුත් ඒ බව ජනාධිපතිවරයා තේරුම් ගෙන නැති බව පෙනීයයි.මන්ද ආණ්ඩුව ඇතුලෙන් ඇතිවන මෙවැනි ක්‍රියා නිසා හානි වන්නේ ඔහුගේ ප්‍රතිරුපයය.කොලොන්නාවේ හා කැළණියේ ඇතිවූ කලු පැල්ලම් සහිත සිදුවීම් නිසා හානි වුයේ සමස්ථ චිත්‍රයටමය.

ආණ්ඩුවේ පිපිරිම

2009 වන විට සමාජයට කාවද්දා තිබු මතය අනුව ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට පිටතින් පහර දී එය විනාශ කිරීමට උත්සහ කිරීමද මුලාවකි.ආණ්ඩුවට විරුද්ද වූ සියල්ලන්ටම සිදුවුයේ ද්‍රෝහී ලේබල අලවාගෙන පල්ලම් බැසිමටය.ආණ්ඩුව විනාශ වීමට නම් පිපිරීම සිදුවිය යුත්තේ ඇතුලතිනි.මේ පිලිබදව හොදින්ම වටහාගෙන සිටින්නේ දේශපාලනයේ හොදින් තෙම්පරාදු වූ රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාය.ඔහුට ආණ්ඩුවේ මේ බෙදීමෙන් උපරිම ප්‍රයෝජය ගනු ඇත.දැන් දැන් පෙනෙනා ආකාරයට නම් සිදුවෙමින් යන්නේද එයය.

මෙම ආණ්ඩුව පෙරලි හෙට එජාප රජයක් පැමිණියද තත්වය යහපත් වන්නේ නැත.ඔවුන්ද පාලනය ගෙනි යනු ඇත්තේද පෙර ලෙසමය.සිදුවිය යුත්තේ රටේ පවත්නා අවලස්සන දේශපාලන සංස්කෘතිය දෙස ආපසු හැරී බැලීමය.මේ සදහා පුරවැසි ජනතාවටද වගකීමක් ඇත.අප රටේ ගැටළු ඇති කිරීමට උත්සහා කරන්නේ සුළු පිරිසකි.එම නිසා එම සුළුතරයේ අන්තවාදී ක්‍රියා පාලනයට බහුතරය උනන්දු විය යුතුය.විනාශයේ මාවත තෝරා නොගත යුතුය.
නැවත වරක් ශ්‍රී ලංකාව තුල ලේ වැගිරීම් වලට ඉඩ නොතැබිය යුතුය.









Source: http://www.gossip9.com/2012/01/blog-post_17.html#ixzz1jk0Myibn

Share this article with your friends