Chitika Smowtion 468x60


Wednesday, February 22, 2012

ඩයලොග් වෙතින් අධිවේගී මාර්ගයට තාක්ෂණික සහය


ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා තාක්ෂණික සේවා සැපයීමට ඩයලොග් ඇක්සිටා සමාගම විසින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඇත.

එම සේවාව "ඩයලොග් බිස් කන්නෙක්ට්" ලෙස හදුන්වා දී ඇත.ඒ අනුව මධ්‍යගත පරිගණක සර්වරයක් ඩයලොග් විසින් ස්ථාපිත කර ඇති අතර එය සමග අධිව්වේගී මාර්ගයේ සියලුම ඇතුලත්වීමේ පිටවීමේ ස්ථාන වල ඇති ටිකට් යන්ත්‍ර සමග සම්බන්ධකොට ඇත.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට එම ටිකට් යන්ත්‍ර ඔස්සේ මධ්‍යගත සර්වරයට mobile Access Point නෙට්වර්ක් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වී සපයන දත්ත බලාගැනීමේ හැකියාව ඇත.

Real time basis ක්‍රමය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට අධිවේගී මාර්ගයට ඇතුලත් වූ වාහන සංඛ්‍යාව, වාහනයේ ලියාපදිංචි අංකය,ජනනය කරනු ලැබූ ආදායම දැනගත හැකයි.



Share this article with your friends