උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස බලකරමින් ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙන ඒමට නියමිත යෝජනාව පරාජය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය ඔස්සේ ඉන්දීය අගමැතිවරයා ඇමතූ අවස්ථාවේදී මෙම පොරොන්දුව ලබාදී තිබේ.
ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයෙහි තෙවරක්ම උත්සාහ කර තිබේ. එහෙත් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වචන කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව පවසමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රධානීන් එම දුරකථන ඇමතුම ඉන්දිය අගමැතිවරයාට යොමුකිරීමෙන් වැලකී සිට ඇත.
එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවේ ඉන්දිය මහකොමාසරිස්වරයාට දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් හමුවේ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දුරකථනයට සම්බන්ධ කර දීමට ඔහු කටයුතු කර ඇත.
කෙසේ වුවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුල කටයුතු කරන ආකාරය අනුව මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව එන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය තීන්දුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
Source - lankanewsweb.com