Chitika Smowtion 468x60


Monday, March 5, 2012

ජනපතිගෙන් කුනුබැනුම් අසා ‘ජිනීවා ලොස් පීරිස්’ට බඩයයි


ජනාධිපතිවරයා කුනුහරුපයෙන් බැනවැදීම නිසා එකවර කම්පනයටපත්වූ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් නොහොත් ‘ජිනීවා ලොස් පීරිස්’ මහතාට එකවර ‘ලූස්මෝෂන්’ වූ බවත්, එම ස්ථානයේ සිටි ඩග්ලස් දේවානන්ද මහතා වහාම ආරක්ෂක නිලධාරින් යොදවා ජී.එල්. ඇමතිවරයා හෝටල් කාමරයට යැවූ බවත්, ජිනීවා ගිය කණ්ඩායමේ නායක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ජිනීවා සංචාරයේදී ඇතිවූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් පිළිබදව මෑතකදී ආරම්භ වූ පුවත්පතක ප‍්‍රධානියෙකු කළ විමසීමේදී සමරසිංහ ඇමතිවරයා එම කාරණය හෙළිකර ඇත.


‘ජිනීවා ලොස් පීරිස්’ තමාට එරෙහිව කේලම් කීමට ගොස් ජනාධිපතිවරයාගෙන් එසේ කුනු බැනුම් අසාගත් බව සඳහන් කර ඇති අමාත්‍ය සමරසිංහ මහතා ‘ලූස්මෝෂන්’ වූ අවස්ථාවේදී ජී.එල්. වාඩිවී සිටි පුටුසැටිය සුද්ද පවිත‍්‍ර කිරීමේ ගාස්තුව වෙනුවෙන් එහි තානාපති කාර්යාලයට යූරෝ 400 ක් එම හෝටලයට ගෙවීමට සිදුවූ බවද පවසා තිබේ.

‘ජිනීවා ලොස් පීරිස්’ තමාට එරෙහිව කේලාම් කීමට ගොස් එසේ බැනුම් අසාගත් බවද සමරසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ජනාධිපතිවරයා කිහිපවිටක්ම දුරකථන ඇමතුම් ලබාදෙමින් ජී.එල් පීරිස් මහතාට බැනවැදුනු බව අප මීට පෙර වාර්තා කළෙමු.

කෙසේ වුවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට මෙම සංචාරයෙන් පසු ‘ජිනීවා ලොස් පීරිස්’ නම පටබැඳ ඇත්තේ හිටපු නීතිපති මොහාන් පීරිස් මහතාය.



Source - lankanewsweb.com

Share this article with your friends