Chitika Smowtion 468x60


Monday, March 5, 2012

හෙළයේ ගී රැජිනකට හා සංගීත ශිල්පීන් පිරිසකට කුවේට් ගුවන් තොටේදී සිදුකළ මහා අපහාසය


නන්දා මාලිනි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය රැගෙන ආවයයි සැක සිති කුවේට් ගුවන් තොටුපලේ රඳවාගෙන!

දිනය 2012 මාර්තු 01 වැනිදා. කුවේටයේ පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කුවේටය බලා ගිය මෙම පිරිසට අත්විඳින්නට සිදුව ඇත්තේ ඉතාමත් අමිහිරි අත්දැකීමකටය. 

ඇය අපේ ගී රැජිනක් වූ විශාරද නන්දා මාලිනියයි. සෙසු පිරිස වත්මන් පරපුරේ නැගී එන සංගීත ශිල්පියෙක් ලෙස හඳුන්වන සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ සංගීත ශිල්පීන් පිරිසකි.

විශාරද නන්දා මාලිනිය ඇතුළු මෙම පිරිස පසුගිය මාර්තු 01 වැනිදා කුවේට් ගුවන්තොට ළඟා වී ගත වී ගිය ඊළඟ මොහොතේ දී ඔවුන් ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.

එය එසේ සිදුව ඇත්තේ සාමාන්‍ය කරුණකට නොව ඒ රටට තම සන්තකයේ සඟවාගෙන මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට වරදකරුවන් කරමින්ය. මේ සිද්ධියේ දී කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති පිරිස පැය 03 කට අධික කාලයක් ගුවන් තොටුපොළ අත්අඩංගුවේ පසුව ඇති බව සඳහන් වන අතර එහිදී දැඩි අපහසුතාවන්ට හා කරදරයන්ට ලක් වන්නට සිදු වූ බව අනාවරණය වී තිඛෙනවා.

ඒ අතරම මෙහි පුදුමයට කරුණ නම් අපේ රට නියෝජනය කරමින් වගකිවයුතු පුද්ගලයෝ රැසක් එහි සිටිය ද ඔවුන් එකිනෙකා මේ ගැන නොදන්නවා සේ මුනිවත රකිිමින් කටයුතු කර ඇත.

මොවුන් සහභාගි වූ සංගීත ප්‍රසංගය මාර්තු 03 වැනිදා පවත්වා ඇති අතර එහිදී ද විශාරද නන්දා මාලිනිය ඇතුළු පිරිස තමන්ට වූ අකරතැබ්බය පිළිබඳ ඔවුන්ගේ දැඩි විරෝධය හා කනස්සල්ල ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඉදිරියේ පළකර තිඛෙනවා.

කෙසේ වුවද මෙයින් පැන නගින ප්‍රශ්නය නම් පෞද්ගලිකව මොවුන්ට සිදු වූ අපහාසය මෙන්ම අපේ රට පැත්තෙන් ගත්කළ සිදු කර ඇති අපහාසය මිනුමකට යටත් කළ හැකි ද යන්නය.

සැබෑ ලෙස ගත්කළ මෙහි පිටුපස කුමන්ත්‍රණකාරී බලවේග රැසක් සිටිනු ඇති බව බැලු බැල්මට ඕනෑම පුද්ගලයෙකුට කිව හැකිය. එහෙත් එය සිදුවූ තවත් එක් සිද්ධික් පමණක් යැයි සිතා ඉවත දැමීමට කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් ලෙස නොසැලකිය යුතුය.

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැත්තෙන් සිදුකළ යුතු විමර්ශනය කෙසේ වුවද මෙරට මාධ්‍ය මේ පිළිබඳ වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතු බව නම් කිවයුතුමය.










Source: http://www.gossip9.com/2012/03/blog-post_05.html#ixzz1oEPoCCqz

Share this article with your friends