Chitika Smowtion 468x60


Monday, March 5, 2012

පොදුජන විරුවන්ගේ දූදරුවන් කිසිදා තනිවෙන්නෑ - විජිත හේරත්


ආණ්ඩුවේ හලාවත ධීවර උද්ඝෝෂණයට මිලේච්ඡ ප්‍රහාරයක් දියත් කර වෙඩිතබා ඝාතනය කරන ලද ධීවර කාර්මික ඇන්තනී ප්‍රනාන්දු මහතාගේ දරුවන් දෙදෙනාට ඉතිරිකිරීමේ බැංකු ගිණිමු දෙකක් ප්‍රධානය කිරීම ඊයේ (04) දහවල් ඔවුන්ගේ නිවසේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අන්තර්සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ යනමහත්වරු අතින් සිදුකෙරිණ.


මේ සදහා මුදල් පරිත්‍යාග කරන ලද්දේ නම හෙලිකිරීමට අකමැති ප්‍රකට කලාකරුවෙකු විසිනි. මෙම දරුවන් දෙදෙනාට රුපියල් 50000/= බැගින් බැංකු ගිණුම්ගත කර තිබේ. එම ගිනුම් අංක මේසේය.


වර්නකුලසූරිය තිපුති ආදරිකා ප්‍රනාන්දු, ගිණුම් අංක 8430035145, කොමර්ෂල් බැංකුව, හලාවත, වර්නකුලසූරිය ප්‍රසිත් ධනුෂ්ක ප්‍රනාන්දු, ගිණුම් අංක 8430035144, කොමර්ෂල් බැංකුව, හලාවත (Warnakulasuriya Thiputhi Adarika Fernando, acc.no.8430035145, commercial bank, Chilaw, Warnakulasuriya Prasith Danushka Fernando, acc.no.8430035144, commercial bank,Chilaw)

මෙම අවස්ථාවේදී පවුලේ ඥාතීන් ඇතුළු රැස්ව සිටි අසල්වාසීන් සහ දරුවන් දෙදෙනා ඇමතූ විජිත හේරත් මන්ත්‍රී වරයා පැවසූයේ පොදුජනතා අරගලවලදී මිය යන වීරයන් කිසිදිනකත් මිනිස් සිත් තුලින් මිය නොයන බවයි. ඔවුන්ගේ දූදරුවන් ඇතුළු පවුලේ උදවියට මිනිස් හදවත් ඇති අයගේ උනුසුම සහ රැකවරණය නොවඩුව ලැබෙන බවයි. මෙම හැගුම්බර අවස්ථාවේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූ‍යේ ජනතා විමික්ති පෙරමුණ මෙවන් වීරයන් කිසිදා අමතක නොකරන බවත් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් ගෙන ගිය යුක්ති සහගත අරගල ජයග්‍රහණය කරවීමට නායකත්වය ලබා දෙන බවයි.



Source - lankanewsweb.com

Share this article with your friends