Chitika Smowtion 468x60


Monday, March 5, 2012

සමරසිංහ වෙනුවට තමරා කතාකලානම් අපි ගොඩ - ජනපති


අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වෙනුවට ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුලනායකම් මහත්මිය මානව හිමිකම් සමුළුව ඇමතුවේනම් ශ‍්‍රී ලංකාවට වඩාත් වාසිසහගත තත්ත්වයක් උදාවීමට තිබූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
තමරා දෙමළ ජාතික කාන්තාවක් වීමත්, ඇයට දෙමළ, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ,ස්පාඤ්ඤ ආදී භාෂා 6 ක් චතුර ලෙස කතාකිරීමට හැකි බවත්, එම භාෂා ඥානය උපයෝගී කරගනිමින් ඇය ඉතා සංවේදීව දෙමළ, ප‍්‍රංශ, ස්පාඤ්ඤආදී භාෂාවලිනුත් විනාඩිය බැගින් හෝ කතාකරමින් මානව හිමිකම් සමුළුව ආරම්භයේදීම ඇමතුවේනම් ශ‍්‍රී ලංකාවට මීට වඩා සුභවාදී ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවේ ජනාධිපතිවරයා පෙරේදා (03) දියතලාව වැඩමුලූවේදී පවසා ඇත.


මහින්ද සමරසිංහ මහතා සිය කතාවේ පිටපතක් එම කතාව පැවැත්වීමට පැය කිහිපයකට පෙර එවූ බවත්, ඊට පෙර එම කතාවේ පිටපතක් ලබාදෙන ලෙස තමා කළ ඉල්ලීම නොසලකාහරිමින් සිටි බවත් ජනාධිපතිවරයා එම අමාත්‍යවරුන් සමග පවසා තිබේ. සමරසිංහ මහතා සභාව ඇමතිමට දිනකට පෙර තමාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් උතුරේ යුද්ධයේදී කොපමණ මිය ගොස් ඇත්දැයි තමාගෙන් විමසා සිටි බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇත.

ජනාධිපතිවරයා එසේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාගේ කාර්යභාරය අවතක්සේරු කරමින් මහත් ඉහළින් වර්ණනා කළ තමාරා මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා සහ වාසුදේව නානායක්කාර මහතා විපක්ෂයේ සාමාන්‍ය මන්ත‍්‍රීවරුන්ව සිටි වකවානුවේදී එකල ආණ්ඩුවට එරෙහිව කරුණු ගොනුකිරිමට ජිනීවා ගිය අවස්ථාවලදී ඔවුන් දෙදෙනාව බලාකියාගත් ඔවුන්ගේ සමීප හිතවතියකි.



Source - lankanewsweb.com

Share this article with your friends