Chitika Smowtion 468x60


Friday, March 30, 2012

අසභ්‍යය වීඩියෝ පටයක් නිසා කෝට්ටේ මහනගර සභාව රත් වෙයි


කෝට්ටේ මහනගර සභාවේ නියෝජ්‍යය නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතාගේ රුව ඇතුලත් අසභ්‍යය ජයාරූප හා වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරීම වලකාලමින් කොළොඹ දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා එම නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාට පසුගිය 28 වනදා වාරණයක් පනවා ඇත.

මෙම වාරණ නියෝගය අප්‍රේල් 11 වනදා තෙක් බලපැවැත්වේ.මෙම වාරණ නියෝගය පනවනු ලැබ ඇත්තේ කෝට්ටේ මහනගර සභාවේ නියෝජ්‍යය නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතා කොළොඹ දිසා අධිකරණයේ ගොනු කල පැමිණිල්ලකට අනුවය.ඒ අනුව තමාට සිදුවූ අපකීර්තිය හේතුවෙන් කෝටි 20 ක් වන්දි මුදල්ද ඉල්ලා තිබේ.

පැමිණිලිකරුගේ රුව යොදා සකස් කල අසභ්‍යය දර්ශන රැගත් වීඩියෝ පටයක් වගඋත්තරකාර නගරාධිපතිවරයා විසින් ඔහුගේ නිල කාමරයේදී නගරසභාවේ සෙසු නාගරික මන්ත්‍රීවරුන්ට පෙන්වීමට උත්සාහයක් දරා ඇති බවත් එම වීඩියෝපටය කෝට්ටේ ප්‍රදේශ පුරා ප්‍රදර්ශනය කොට අපහාස කිරීමට සැලසුමක් තිබු බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.


Share this article with your friends