හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැවට උපහාර දැක්වීම වෙනුවෙන් තරුණ නීතිවේදීන්ගේ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
උපහාර උළෙල අමතමින් හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව මෙසේ පැවසීය.
"දැන් මේ විනිශ්චයකාරවරුන්ට එහෙම ආත්ම ශක්තියක් නැහැ. තමන් ඒ තනතුරේ ගෞරවය කියන්නේ, මොකක් ද කියලා දන්නේ නැහැ. ස්වාධීනත්වය දන්නේ නැහැ. සාධාරණත්වය දන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ, මොන දේවාලේ හරි වැදලා තමන්ගේ කාර්ය කරගන්න තමයි ඒ ගොල්ල බලන්නේ, විනිශ්චයකාරවරයෙක් තුළ සාධාරණත්වය කියන දේ ඇතුළේ තියෙන්න ඕන ඒ සාධාරණත්වය කියන එක නැත්තනම් කොහොමටවත් අනෙක් මිනිස්සුන්ට සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. අවංකභාවය තියෙන්න ඕන. නිර්භීතභාවයක් තියෙන්න ඕන.
අපි පොඩි දවස්වල කිව්වේ මේ කෝටුවේ රජ්ජුරුවෝ කියලා ඒ කියන්නේ කෝටුවේ රජ්ජුරුවෝ ආසනගතවෙලා ඉන්නකොට කුරුල්ලෙක්වත් ඉහළින් යන්නෑ. කියලා තමයි මිනිස්සු කියන්නේ, ඒ උසාවියට මිනිස්සු ගරු කළා. දැන් අද මොකද කරන්නේ, තව ටික කාලයක් ගියොත් මොනව වෙයිද කියලා කියන්න බෑ. මේවා පවතී ද නැද්ද කියලා කියන්නත් බෑ තව ටික දවසකින් සුප්‍රීම් කෝර්ට් එකටත් මේජර් ජනරාල්ලා පත් නොවුණොත් තමයි පුදුමේ දැන් උසාවියෙන්ම දීලා තියෙනවා. ඒ කෝර්ට් මාර්ෂල්වල නඩු අහන්නේ, ඒ කට්ටියත් උසාවියක් කියලා.
මේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන ඒ කණු තුන වෙන් වෙන්ව තියෙන්න ඕන බල තුනක් විදිහට එක කණුවකට වත් අනේක කණුව කඩා බිඳ දමන්න අවස්ථාව දිය යුතු නැහැ. ඒකට නීතිය පිළිබඳ අවබෝධයක් ඇති කට්ටිය උනන්දු විය යුතුයි. කවුරුවත් විවේචනය කරනවා. නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන කාලේ ඉදන් තමයි මේක පටන් අරන් තියෙන්නේ"
එම වීඩියෝව පහලින්
යාන වාහන පදවි තානාන්තර අපේක්ෂාවකින් තොරව විනිසුරුවරු නඩු තීන්දු ලබාදිය යුතු යැයි ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා මීට පෙරද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
සුදු කොඩි නඩුවේ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙක් ෆොන්සේකා මහතාට දඩුවම් දියයුතු බව තීරණය කරද්දී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිවරදිකරුයි ප්‍රකාශකළේ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතායි.
Source: http://www.gossip9.com/2012/03/blog-post_6822.html#ixzz1ouIkKcbI