Chitika Smowtion 468x60


Monday, March 12, 2012

ජිනීවා ගිය මාධ්‍ය ලොක්කෝ සියලූ දෙනා අනාගෙන


ජිනීවා මානව හිමිකම් සැසිය වාර්තා කිරීම සඳහා මීට සතියකට පමණ පෙර රජය විසින් ජිනීවා නුවරට රැගෙන ගිය ප‍්‍රවීන මාධ්‍යවේදීන් කිසිවෙකු රට වෙනුවෙන් තම වගකීම නිසිපරිදි ඉටුකර නැතැයි ජනාධිපතිවරයා චෝදනා කර සිටී. එම තත්ත්වය යටතේ වහාම ජනීවා නුවරට ගොස් ලංකාවට වාසිදායකවන පරිදි මාධ්‍ය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා, ‘ද නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතා ගෙන්වා සිදුකළ සාකච්ඡාවේදී ඉහත කරුණද සඳහන් කර තිබේ.



ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල ජයසේකර හා ‘ලක්බිම නිව්ස්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ රාජ්පාල් අබේනායක යන ප‍්‍රවීන මාධ්‍යවේදීන් දෙදෙනා සෑම දිනකම රාත‍්‍රීයේ එරට ගනිකා මඩම්වලට ගොස් ඇති බවත්, ඔවුන් දෙදෙනාගේම විදෙස් ගුවන් බලපත‍්‍ර පවා එම ගුබ්බෑයම්වලදී නැතිකරගෙන ඇති බවත්, ඔවුන් යළි දිවයිනට පැමිණියේ තාවකාලික ගුවන්බලපත‍්‍ර ලබාගනිමින් බවත් ජනාධිපතිවරයා මාලින්ද සෙනවිරත්න මහතාට පවසා තිබේ.

‘ඬේලි මිරර්’ පුවත්පත වෙනුවෙන් ජිනීවා සංචාරයට රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සහභාගී වූ කැළුම් බණ්ඩාර මහතාද එහිදී අනවශ්‍ය ගැටුම් ගණනාවක් පටලවාගෙන ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ජිනීවා හිදී මාධ්‍ය හැඳුනුම්පත වෙනුවට සමුලූ නියෝජිතයින්ගේ ලාංඡනයක් පැළද සිට ඇති කැළුම් බණ්ඩාර මහතා ඇමරිකානු නියෝජිත ඇඞ්ලීන් චෙම්බර්ලේන් හමුවීමට ගොස් තමාට ඉක්මනින් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලෙස රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රමවේදයන්ගෙන් බැහැරව බලපෑම් කර තිබේ. චෙම්බර්ලේන් මේ පිළිබදව මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධානියාට දැනුම්දී ඇති අතර ඒ අනුව ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානී මහින්ද සමරසිංහ මහතා ගෙන්වා තරයේ අවවාද කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends