Chitika Smowtion 468x60


Wednesday, March 21, 2012

මංජුල පිරිස් අනාවැකිය කිවේ කොල්ලුපිටියේ රිය අනතුර සිදු වූවායින් පසුවද?


පසුගිය 05 වන සඳුදා දින කොල්ලුපිටිය ගාලු පාරේදී ලංකාවට අසාමාන්‍යය රිය අනතුරක් වාර්තා වුනා.ඒ ගාලු පාරේ සිට ඩුප්ලිකේෂන් මාර්ගයට හැරවීමට තිබු අතුරු මාර්ගයකදී වාහන හයක් එකිනෙක ගැටීමයි.

මෙම රිය අනතුර මෙසේ සිදුවී තිබියදී එදින (05) දෙරණ රූපවාහිනියට පැමිණි ප්‍රවීන ජෝතිශ්‍යවේදී මංජුල පිරිස් මහතා "පාර කියන තාරුකා" නම් වැඩසටහන ඔස්සේ එම සතියට බලපාන අනාවැකියක් පැවසුවේය. පහතින් දැක්වෙන්නේ එම අනාවැකියයි.

"ඇතිවන්නා වූ ග්‍රහ යුද්ධ ග්‍රහ මාරු ග්‍රහ සංයෝග ආදියෙන් රටට අනාවැකියක් කිව්වොතින් ඉදිරි කාලයේදී බිහිසුණු රිය අනතුරු , ඒ කියන්නේ කවදාවත් අහල නැති ආකාරයේ පවා රිය අනතුරු සිද්ධ වියහැකි කාලයක් ඉදිරිය.

ඒ නිසා ඔබ වාහනය වේගයෙන් පදවන්න එපා.මත්පැන් පානය කොට රිය පදවන්න එපා.වාහනයකට වාහනයක් ඕවර්ටෙට් කරනකොට ටයිමින් හොදට බලලා ඉස්සරහට එන වාහනය හොඳට දැකලා ඕවටෙට් කරන්න".

(මංජුල පිරිස් මහතා මෙම අනාවැකිය පලකරන ලද්දේ වැඩසටහනේ විරාමයකින් පසුව වන අතර ඒ වනවිට කොල්ලුපිටියේ රිය අනතුරද සිදුවී තිබුණි.)

පසුගිය 12 වනදා දෙරණ රුපවාහිනියේ "පාර කියන තාරුකා" වැඩසටහනට සහභාගී වූ මංජුල පිරිස් මහතා කියා සිටියේ මෙවැන්නක්

"ඉතින් ගිය සතියේ ඔබට කිව්වා පොලිසියේ මහත්වරුනි රිය අනතුරු සිදු වනවා,රට පුරා රිය අනතුරු වනවා..රියදුරු මහත්වරු බිමත්කමෙන් තොරව රිය පදවන්න කියල..ගිය සඳුදා හරි අඟහරුවාදා...සඳුදා දින රාත්‍රී වෙන්න පුළුවන් කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන හතක එකට හැප්පුනා..රට පුරා රිය අනතුරු රැසක් වාර්තා වුනා ..කනගාටුයි.නමුත් අනාවැකිය සඵල වීම ගැන පුංචි සතුටක් හිතේ තියෙනවා".

මංජුල පිරිස් මහතා අනාවැකි පලකල වීඩියෝව පහතින් බලන්න



කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරේ වීඩියෝව පහතින් බලන්න 




Source: http://www.gossip9.com/2012/03/blog-post_767.html#ixzz1pk0qcCeO 

Share this article with your friends