Chitika Smowtion 468x60


Wednesday, March 21, 2012

බියර්සැල් අතරින් ගිය මහනුවර මෝටර් රථ තරඟය


අස්ගිරි මහනායක හිමිගේ දැඩි විරෝධය නොතකා පසුගියදා මහනුවර නගරයේ පැවති රාත්‍රී මෝටර් රථ ධාවන තරඟාවලිය අවස්ථාවේ නගරයේ හන්දි පුරා බියර්හල් දමා බියර් විකුණූ බව වාර්තා වෙනවා.

පළමු දිනයේදී මෙම බියර් හල් දක්නට නොලැබුනද දෙවන දිනයේ සවස 6.00 පමණවනවිට ලහිලහියේ බියර් හල් සවිකර පසුදින අලුයම් කාලය වනතුරු බීර අළෙවි කළ බවයි පැවසෙන්නේ.

සුරාබදු ආඥාපනතේ නීති උල්ලංඝනය කරමින් මෙම බීර ස්ටෝල්වල බීර අළෙවි කරන අයුරු දක්නට ලැබුන නමුදු මෙම බීර වෙළඳසැල් අසල මහනුවර පොලීසියේ ඉහලම පොලිස් නිළධාරීන්ද නිල ඇඳුම් සහිතව රැඳී සිට තිබෙනවා. ඒ සඳහා ඔවුන්ගෙන් කිසිදු විරෝධයක් එම බීර අලෙවිසැල් වලට එල්ල වී නැහැ.

නගරයේ වීදිපුරා හිස් බීර ටින් විසිරී තිබූ අතර අධික බීමතින් පුද්ගලයන් තැන තැන වැටී සිටින අයුරු දක්නට ලැබී තිබෙනවා. තරඟය පැවති දිනයේදී බීමත්ව අශෝභනව හැසිරුණ පුද්ගලයින් 31 දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහනුවර පොලීසිය පැවසුවද බියර් විකුණූ පුද්ගලයින් පිළිබඳව මහනුවර පොලීසිය කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ.

දළදා වහන්සේට අගෞරවයක් වන අයුරින් දළදාමාලිගාව ඉදිරිපිට මාර්ග වසාගන සිටින බලධාරීන් රාත්‍රී දෙකක් එළිවනතුරු අධික ඝෝෂා නඟමින් ඒ ආසනයෙන්ම මෝටර් රථ ධාවන තරඟාවලියක් පවත්වා ඒ අතරතුර පූජනීය නගරයේ නීතිවිරෝධී අයුරින් මත්පැනි විකිණීම පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි කළකිරීමකට පත්ව සිටිනවා.


අධික ලෙස බීමත්ව වැටී සිටි අයෙකු හා විසිරී තිබූ බියර් කෑන්

නීතිවිරෝධී බියර්හල් අසල කසාය බිව් ගොලුවන් සේ සිටියද ජනතාවට පාර්ට් දමනා පොලිස් නිළධාරියෙක්.

රාත්‍රී මෝටර් රථ ධාවන තරඟයේ ජායාරූප එකතුවක් පහලින්


ජායාරූප සියල්ල මෙතනින්.





Source: http://www.gossip9.com/2012/03/blog-post_1174.html#ixzz1pk9d8YLB

Share this article with your friends