Chitika Smowtion 468x60


Wednesday, March 21, 2012

ස්වාමීන් වහන්සේලාගේ ඝාතනයේ සුලමුල පොලිස් සුනඛයින් සොයා ගනී


පොලිස් සුනඛයන්කම්කරුවන් පිරිසකට ඉව අල්ලයි. 
ඔවුන් මත්පැන් පානය කරමින් ඉදලා. 

කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනමක් සාහසිකයකුගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය වී ඇතැයි වාර්තා වේ. 

ඊයේ රාත්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන් වේ. 

එක් ස්වාමීන් වහන්සේ කෙනකු එම ස්ථානයේම මිය ගොස් සිට ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේ රෝහලට ඇතුළත් කරද්දී මිය ගොස් ඇති වග වාර්තා වේ. 

කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනම ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සිව්දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවද වාර්තා වේ. 

සිද්ධිය සැලවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අද අලුයම පොලිස් සුනඛයන් යොදවා මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. 

පොලිස් සුනඛයන් රජ මහා විහාරයට ඉදිරිපසින් වන්නට ඇති ගොඩනැඟිල්ලක් හදමින් සිටි කම්කරුවන් පිරිසකට ඉව කළ බවත්,එම පිරිස ඒ වන විට මත්පැන් පානය කරමින් සිටි බවත් වාර්තා වේ. 

ප්‍රකෝප වූ අසල්වාසීන් එම පිරිසට පහරදීමට උත්සාහ කළත් ආරක්ෂක අංශ වහා මැදිහත්වී තත්ත්වය පාලනය කළ බවත්,ඒ අනුව පුද්ගලයින් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. 

ඊයේ රාත්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් පිටිගල ජිනසිරි(80)සහ බොරලැස්ගමුවේ ගුණරතන(60)යන ස්වාමීන් වහන්සේලා මෙසේ ඝාතනයට ලක් කර තිබුණි. 

 

Share this article with your friends