Chitika Smowtion 468x60


Wednesday, March 21, 2012

ඇමෙරිකාවට එරෙහිව ජී.එල්. චීනයේ සහාය ඉල්ලයි


උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුලූවට ඉදිරිපත් කොට ඇති යෝජනාව පරාජය කිරිම සඳහා අප‍්‍රිකානු රටවල සහාය ලබාදෙන්නැයි විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් නොහොත් ජිනීවා ලොස් පීරිස් මහතා චීනයේ විදේශ අමාත්‍යවරයාගෙන් අද පෙරවරුවේ ඉල්ලීමක් කර තිබේ.
ජී.එල් අමාත්‍යවරයා අද දහවල් මෙම ඉල්ලීම කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

ඇමරිකාව මෙම යෝජනාව ගෙනඒමටත් ඉන්දියාව එයට සහාය දැක්වීමටත් බලපෑ මූලිකම හේතුව ශ‍්‍රී ලංකාව වඩා වේගයෙන් චිනය වෙත ලන්වීම බව කියා සිටි එම නිලධාරියා, මාලදිවයින් නායකයා පළවා හැරීමේ කුමන්ත‍්‍රනයටද ඇමරිකාව මැදිහත් වූයේ මාලදිවයිනේ දූපතක් චීනයට පවරාදීම බව කියා සිටියේය.

නිදහසින් පසු මෙරට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම පාහේ අඩු වැඩි වශයෙන් නොබැඳි ප‍්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කළද රාජපක්ෂ පාලනය ආරම්භ වූ මොහොතේ සිටම චීනයට වඩාත් පක්ෂපාතීත්වයක් දක්වමින් කටයුතු කිරීම නිසා බලවතුන් අතර කෙරෙන අරගලයේදී ශ‍්‍රී ලංකාවද කොටුවී සිටින බව එම නිලධාරියා සඳහන් කළේය.

එසේම වැඩබලන විදේශ අමාත්‍යවරයා ලෙස ශ‍්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය ඩිව්. ගුණසේකර මහතා පත්කිරිමද කොමියුනිට්ස් විරෝධී රටවලට ගැටලූවක් විය හැකි බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුවද ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මංමෝහන් සිං මහතා ඊයේ එරට පාර්ලිමේන්තුවේදී ජිනීවා යෝජනාවට පක්ෂව 
න්දය දෙන බවට කළ ප‍්‍රකාශයෙන් පසු, තමා අවට සිටි නිලධාරින් හමුවී ජී.එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ මෙවැනි තත්ත්වයකට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අත දැමුවේ ඇමති මහින්ද සමරසිංහ මහතා බවය. ගියවර ජිනීවා පැමිනි අවස්ථාවේදී මහින්ද සමරසිංහ මහතා මාධ්‍ය අමතා, ඉන්දියාවේ සහාය ශ‍්‍රී ලංකාවට ලැබෙන බවට කළ ප‍්‍රකාශයෙන් දකුණු ඉන්දිය දේශපාලනඥයින් කලබලයට පත්වූ බවත්, ඔවුන් ඉන් අනතුරුව දිගින් දිගටම මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කළ බවත්, ජී.එල්. පීරිස් මහතා පැහැදිලි කර ඇත.


Source - lankanewsweb.com

Share this article with your friends