Chitika Smowtion 468x60


Wednesday, April 25, 2012

ශ‍්‍රිලනිප මැයි රැළියට ආසන සංවිධායකයෙකුට රු.20,000ක්


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලියට හා රැළියට සෙනග ගෙන ඒම සඳහා සෑම ආසන සංවිධායකවරයෙකුටම රුපියල් විසිදාහක බැගින් වූ මුදලක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
බස් එකකින් හෝ සෙනග ගෙන ඒමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බවට ආසන සංවිධායකයින් රාශියක් පක්‍ෂ මූලස්ථානයට දැනුම් දී ඇති බැවින්, පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය නොකරන අනෙකුත් සියලුම සංවිධායකවරුන්ට රුපියල් විසිදාහක් බැගින් ගෙවීම සුදුසු බවට ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇත්තේ එම පක්‍ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාය. ඒ අනුව රුපියල් විසිදාහ බැගින් ගෙවන ලෙස ජනාධිපතිවරයා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
තවද මේ වන විට පවතින ආර්ථික අර්බුද හමුවේ ජනතාව ආණ්ඩුව කෙරෙහි බලවත් කලකිරීමකින් සිටින හෙයින් බස් එකකට හෝ සෙනග ඒකරාශී කර ගැනීම අතිශය දුෂ්කර බව ආසන සංවිධායකයින් කිහිප දෙනෙකුම පක්‍ෂ මුලස්ථානයට දැනුම් දී තිබේ.
තවද, මෙවර ශ‍්‍රිලනිප මූලිකත්වයෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලියට හෝ රැළියට සහභාගී නොවීමට සන්ධානය නියෝජනය කරන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය හා බහුජන නිදහස් පෙරමුණ දැනටමත් තීරණය කර ඇති අතර, එම කණ්ඩායම වෙනම මැයි දින පෙළපාලිය හා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තත්ත්වය යටතේ සන්ධානය දෙකඩ වී ඇතැයි විපක්‍ෂයෙන් චෝදනා එල්ල විය හැකි බැවින්, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන මැයි රැළියට පැමිණ සුභාශිංසනයක් හෝ ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම පක්‍ෂ 04හි නායකයින්ට ඊයේ ලිඛිතව දැනුම් දී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends