Chitika Smowtion 468x60


Wednesday, April 25, 2012

අධිකරණය ගැන විශ්වාසයක් නැතැයි හිරුණිකා කියයි


තමාට අධිකරණය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැතැයි හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවිය කියයි.
භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති නඩු විභාගය අවසන්ව අළුත් කඬේ අධිකරණ සංකීර්ණයෙන් පිටවයමින් ඇය මේබව කීවාය.
තමා අධිකරණයට අපහාස නොකරන බවත් පැවසූ හිරුණිකා, රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගෙන සිටින්නේ ඔහු සැකකරුවෙකු ලෙස අධිකරණය තීන්දු කර තිබියදී බවත් පැවසුවාය.
එවැනි තත්ත්වයක් තුළ අධිකරණයෙන් භාරතට සාධාරණයක් සිදු වේදැයි ඇය ප‍්‍රශ්න කර සිටියාය.
භාරතට නැත්නම් තමාගේ පියාට ආදරය කළ අය අද ඔහුට සාධාරණය ඉෂ්ටවනු දකින්නට පෙළ ගැසී ඇති බවද සඳහන් කල ඇය කෙසේවවුද භාරත සමඟ පෙළ ගැසීම රජයේ සේවකයන්ට හා රජයෙන් වැටුප් ලබනන්ට ප‍්‍රශනයක් වන්නේ නම් එසේ සම්බන්ධ නොවුනාට තමා අමනාප නොවන බවද ඇය පැවසුවාය.
දුමින්දට දෙවියන්ගෙන් වරෙන්තුවක් ලැබෙනතුරු අධිකරණය කිසිවක් නොකරණු ඇතැයිද ඇය සඳහන් කළාය.
ඊයේ (24) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවියට මරණ තර්ජන ඇත්දැයි සොයාබලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මෙම නඩුවේ සාක්‍ෂිකාරියක් වන හිරුණිකාට මරණ තර්ජන ඇති බවට සතිඅන්ත පුවත් පතක් ප‍්‍රකාශකර ඇති බව ජේ්‍යෂඨ නීතීඥ ටිරන්නත වරලියද්ද මහතා අධිකරණයට දැන්වීමෙන් පසුව මෙම නියෝගය කළේය.
මෙම නඩුව ලබන මැයි 08 වැනිදා නැවත කැඳවීමට නියෝග නියම විය.

Source - lankanewsweb.com

Share this article with your friends