සුදු කොඩි නඩුවට අදාළව අභියාචනා විභාගය මැයි 02 සහ 03 දෙදින පැවැත්වෙන අතර, හමුදා සෙබළුන් නීත්‍යානුකුළ නොවන ආකාරයෙන් ළග තබා ගැනීමට අදාළ නඩුව මේ වන විටත් විභාග වේ. එම චෝදනා දෙකටම ඇප ලබා ගැනීමේ හැකියාවක් පවතින බවත්, එසේ ඇප ලැබුණ හොත් ෆොන්සේකා මහතාට තාවකාලිකව නිදහසක් හිමිවන බවත් ඔහුගේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා රාවය පුවත්පතට ප‍්‍රකාශ කර තිබිණ. ඇප ලබා ගැනීමේ ඉඩකඩ සීමාසහිත බව ඉහත සඳහන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා පැවසුවේ, ලද්දුවහෙට්ටි මහතා විසින් කර තිබූ ප‍්‍රකාශය පිළිබඳ අප කළ විමසීමේදීය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප‍්‍රකාශ කර සිටියේ, ෆොන්සේකා මහතා නිදහස් කිරීම කෙරෙහි ජනාධිපතිවරයා තුළ බලවත් විරෝධයක් නොමැති වුවද, ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට දැඩි ලෙස විරුද්ධ බවයි. කෙසේවුවද ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ මහ ලේකම් ටිරාන් අලස් මහතා මේ වන විටත් බලවත් උත්සාහයක යෙදී සිටින බව එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Source - lankanewsweb.com