සෞදි අරාබියේ රියාද් නුවර පසුගිය දින (13.04.2012) විශේෂ අවුරුදු උළෙලක් පවත්වන ලදි. එය සාමාජිකයන්ට පමණක් සීමා විය.
මෙම අවුරුදු උත්සවය සංවිධානය කළ විදේශගතවූවන්ගේ සංගමය යනු, සෞදි අරාබියේ තිබෙන එකම නිළ ශ්‍රී ලාංකික සංවිධානයයි. එනම් තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව පවත්වාගෙන යන එකම සංවිධානයයි.
තවද මෙහි අනුශාසකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රජය මඟින් සෞදියට පත්කර එවන ලද තානාපති තුමා ය. අන් සෑම රටකම අවුරුදු උත්සව ඇතුළුව සියලුම උත්සව සංවිධානය කරන්නේ සියළුම ලාංකිකයන් හටයි.
සෞදි අරාබියේ රියාද් නගරයේ පමණක් දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 2 ක පමන පිරිසක් වාසය කරයි. එහෙත් මෙම අවුරුදු උළෙල පවත්වා ඇත්තේ සීමිත වූ පිරිසකට පමණි. මෙතරම් ලාංකිකයන් සිටිත්දී එසේ සිදුවිය යුතුද?
එය එසේ වන්නේනම් එය විදේශගතවූවන්ගේ සංගමයක් වන්නේ කෙසේද? එවැනි සංගමයකින් සිදුවිය යුත්තේ සියළුම විදේශගත ලාංකිකයන්ට එකසේ කටයුතු කිරීම නොවන්නේ ද? තෝරාගත් පිරිසකට පමණක් සලකන මෙවන් සංවිධානයකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අන් පිරිස ලාංකිකයන් නොවන්නේ ද?
මෙය මෙසේ සිදුවී ඇත්තේ අප තානාපතිකාර්යාලයේ ද පූර්ණ අනුදැනුම සහිතවය. තානාපති කාර්යාලයෙන් සිදුවිය යුත්තේ විදේශගතවූවන්ගේ සංගමය හා එක්ව වගකීම ගෙන සියළුම ලාංකිකයන්ට පැමිණිය හැකි ලෙස සංවිධානය කිරීමයි. අන් රටවල සිදුවන්නේ නම් එලෙසය. මෙහි එය තරු පහට පමණක් සීමා විය.
මෙතෙක් සිටි සෑම තානාපති වරයෙක්ම මෙම අවුරුදු උත්සවය මහත් උත්කර්ශවත් අන්දමින් සිදු කළ ද මෙම මෙම තානාපති තුමා ගිය වසරේ මෙය නවතා දමන ලදි. මෙම වසරේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලදි.
මෙම සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් අපට පලක් නැත. අප රැකියා කරන ස්ථාන වලින් ඒ සංවිධාන වලට යාමට ඉඩ ලබා ගැනීම ඉතා අපහසුය. නමුදු ටිකට්පතක් මිලදීගෙන වසරකට වරක් පමණක් පවත්වන අවුරුදු උත්සවය නැරඹීමට අප සියළුදෙනා පුල පුලා බලා සිටිය ද මෙවර එය සාමාජිකයන්ට පමණක් සීමා වූ නිසා අප බොහෝ සිත් තැවුලට පත් උනෙමු.
සොයා බැලූ ආකාරයට සාමාජිකත්වය සඳහා සවුදි රියාල් 100 ක (රුපියල් 3,350.00) මුදලක් ද ඇතුල් වීමට සෞදි රියාල් 10 ක (රු.335.00 ) ටිකට්පතක් ද (සාමාජිකයන්ට පමණක් ඇතුල්වීමට ගෙවිය යුතු උනා.
මේ සෞදි අරාබියේ සාමාන්‍යය වැටුප් තලයන් වන්නේ ගෘහසේවිකාවන්ට රියාල් 650 ක් ද රියදුරෙකුට රියාල් 900 ක් ද වේ. අනෙකුත් රැකියාවල් රියාල් 1000 - 1200 වැටුප් වලට විශාල ප්‍රමාණයක් සේවය කරනු ලබනවා. ඔවුන්ට රියාල් 110 ක් යනු විශාල මුදලකි.
මෙහි සාමාජිකයන් නම් මෙම සෞදි අරාබියේ ඉහල වැටුප් තල වල සේවය කරන ලාංකිකයන් කොටසක් වන අතර ඔවුන් මේ සඳහා අනුග්‍රාහක දායකත්වය සොයාගන්නා ලදි. ඒවා අතර කොමර්ෂල් බැංකුව, සෙන්ටර්පොයින්ට්, ඔන් ටයිම් ෂොප් ආයතනය ද වුනා.
කෙසේවෙතත් මොවුන් මේ සඳහා රියාල් 50,000 ක් අධික මුදලක් එකතු කරගන්නා ලද බව ආරංචි උනා. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,400.000 (ලක්ෂ 14ක් ) මොවුන් මෙම මුදල එකතු කලේ ද මෙම ආයතන මුලා කරමින්. එනම් ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකා අවුරුදු උදාව සෑරීමට කියායි. නමුත් එය සාමාජිකයන්ට පාණක් බව කිසිම තැනක සඳහන් කර නැත.
අපට මෙම සංවිධානය කඩාකප්පල් කිරීමට වත් තානාපති තුමා හෝ මෙම උත්සවය සංවිධානය කල අය අපහසුතාවයට පත්කිරීමටවත් අවශ්‍යය නැත.
අපේ එකම ආයාචනය වන්නේ මින් ඉදිරියට කරන සෑම උත්සවයක්ම සාමාජිකයන්ට පමණක් සීමා නොකර සිය පවුල් ඇතුළු නෑදෑ හිතමිතුරන්ගෙන් වෙන්ව කාන්තාර රටක තනි වී ඒකාකාරී ජීවිතයෙන් මොහොතකට මිදීමට ඇති එකම අවස්ථාව වගකීමෙන් යුතුව රැකදෙන මෙන් ඉල්ලා සිටිමි.
- කනස්සලට පත් ශ්‍රීලාංකික සහෝදර පිරිස
Source: http://www.gossip9.com/2012/04/blog-post_2459.html#ixzz1t3Sv1wJG