මෙම අලූත් සමාගම් සමූහය ශ්‍රී ලංකාවේ මූල්‍ය, රක්ෂණ, ඉදිකිරීම්, දේපල වෙළඳාම් සහ උගස් ෙකෂAත්‍රයන්හි ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සංස්ථාපනය කොට ඇති අතර මෙම එකදු සමාගමකවත් ලලිත් කොතලාවල මහතා අධ්‍යක්ෂකවරයකු වශයෙන් පෙනී නොසිටී. ඒ සඳහා ක්‍රියා කිරීමට ලලිත් කොතලාවල මහතා විසින් පෙරකලාසිකරුවන් (Proxy holders) පත්කොට තිබේ.
ලලිත් කොතලාවල මහතා සහ සිසිලියා කොතලාවල මහත්මිය ලෝකයේ රටවල් සමූහයක පෞද්ගලිකව ආයෝජනය කර ඇති මුදලින් යම් කිසි ප්‍රමාණයක් මෙම සමාගම්වල ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කර ඇති අතර සිසිලියා කොතලාවල මහත්මිය ලන්ඩන් නුවර සිට මෙම සමාගම්වල කටයුතු අධීක්ෂණය කරනු ලබයි.
මධ්‍යම ලන්ඩනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක පදිංචිව සිටින සිසිලියා කොතලාවල මහත්මිය මේවනවිට බි්‍රතාන්‍ය පවුම් මිලියනයකට වඩා එක්සත් රාජධානිය තුළ ආයෝජන කරන අයකුට එරට රජය මගින් පිරිනැමෙන ආයෝජක වීසා (Invester visa) යටතේ මහා බි්‍රතාන්‍ය තුළ නීති්‍යානුකූල ආකාරයෙන් රැදී සිටින්නීය.
උද්දර්පන නීතිය (Law of Extradition) යටතේ ඇයව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීම වැලැක්වීම සඳහා මධ්‍යම ලන්ඩනයේ ලෝක ප්‍රකට සොලිසිටර් සමාගමක් ඇය වෙනුවෙන් නීතිඥ සේවා සපයනු ලබයි. එම නීතිඥ සමාගම කොතලාවල මහත්මිය වෙනුවෙන් සකසා ඇති සාක්ෂි ලේඛනයේ (Dossier) ඇය සතුව එක්සත් රාජධානිය තුළ පවතින වත්කම්වල ලැයිස්තුවක් දක්වා ඇති අතර එමගින් බි්‍රතාන්‍ය ආර්ථීකයට ඇයගේ දායකත්වය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් අඩංගු කොට තිබේ.
දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා සහ සිසිලියා කොතලාවල මහත්මිය ශ්‍රී ලංකාව තුළ අරඹා ඇති නව සමාගම් සමූහයේ සියලූ විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
Source - lankanewsweb.com