මෙසේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම එම අල්ලස් මුදල ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනියට පිරි නමන්නේ එම සමාගම රක්ෂණ මූල්‍ය ෙකෂAත්‍රයේ සිදු කරනු ලබන විවිධ අවිධිමත් ක්‍රියා සහ පරිපාලන ක්‍රමවේදයන් උල්ලංඝනය කිරීම යටපත් කර ගැනීම සඳහා බව එම විධායක නිලධාරියා තවදුරටත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා විනිමය පත් සුරැකීමේ කොමිසමේ හිටපු සභාපතිතුමිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු තවදුරටත් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන අතර, එම තනතුර කලින් තනතුරට වඩා කාගේවත් ඇස නොගැටෙන තත්ත්වයක් යටතේ කළ හැකි බවත්, කළින් දරූ තනතුරට වඩා කීයක් හෝ වැඩියෙන් උපයාගත හැකි අයුරු මේ දිනවල සඳහන් කරමින් සිටින බව ශ්‍රී ලංකා රක්ෂණ මණඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Source - lankanewsweb.com