ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් නොසලකා හැර මෑතකදී ආණ්ඩුවට එක් වූ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට විශේෂ සැලකිලි දැක්වීම පිළිබඳව එම පක්ෂයේ වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පසුගියදා ප්‍රසිද්ධියේම බැණ වැදී තිබේ.
පසුගිය සඳුදා අරලිය ගහ මන්දිරයේ පැවති ශ්‍රීලනිප සමස්ථ ලංකා කාරක සභාවේදී එජාපයෙන් පැමිණ මැති ඇමති ධුර ලබාගත් රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, ලක්ෂ්මන් සෙනවිරත්න වැනි අයට ඉදිරිපෙළ අසුන් පනවා තිබියදි ශ්‍රීලනිප වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතාට පසු පෙළක අසුන් පනවා තිබී ඇත.
තමාගේ ශ්‍රීලනිප වෘත්තීය සමිති දේශපාලන තුළ කිසිම දිනක මෙවැනි හෑල්ලූකිරීමකට ලක් වී නැතැයි ප්‍රකාශ කොට ඇති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා, පක්ෂයේ ලොකු ලොක්කන්ටත් දැන් ලොකු වී ඇත්තේ එජාපයෙන් පැමිණි හොරුන් බව පවසා තිබේ. ‘‘එජාපයෙන් හිටපු හොරු ටික අපේ පක්ෂයට අරගෙන දැන් අපිටත් ඉන්න හිටින්න තැනක් නෑ. එහෙත් කාලා කාලා මෙහෙත් කන්න ඇවිත්’’ යැයි ඔහු මහ හ`ඩින් පවසද්දී එයට කිසිවෙකු බාදා කර නොමැති අතර අසල සිටි සියලූ දෙනාම එම ප්රකාශනය අනුමත කර තිබේ. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා රැුස්වීම් ශාලාවට පැමිණි නොසිටි අතර, වහාම එම ස්ථානයට පැමිණියේ ජනාධිපති සොහොයුරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ‘‘ලෙස්ලි මහත්තායා තරහ ගන්න එපා. එන්න මගේ ළඟට’’ යැයි කියමින් ඔහුව නිහඩකිරීමට උත්සාහ කර තිබේ. එවිට ලෙස්ලි දේවේන්ද්‍ර මහතා එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තුන්වෙන පෙළ අසුනකට ගොස් ඉදගෙන තිබේ.
තවද ජනාධිපතිවරයාගේ නියෝගය මත ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නව ගොඩනැගිල්ලකට ගෙන යෑමේදී එහි ඉඩකඩ ප්‍රමාණවත් නැතැයි කියමින් වෘත්තිය සමිති අංශය වෙනත් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
Source - lankanewsweb.com