සොෆ්ට් ලොජික් සේවක සේවිකාවන්ට මෙම අකරතැබ්බය සිදු වී ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොලේ කොටස් මිලදී ගැනීම සඳහා එම සමාගම සේවක සේවිකාවන්ට ලබා දුන් ණය මුදල් සහ ඊට අදාළ පොලී මුදල් සමාගම විසින් මේ දිනවල සේවක වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කර ඇති නිසාය. මෙසේ එම ණය මුදල් සහ පොලිය අයකර ගැනීම නිසා පමණක් සේවක සේවිකාවන්ට සිය සම්පූර්ණ වැටුුපම ඒ සඳහා ගෙවීමට සිදු වී තිබේ.
නමුත් මේවනවිට කොළඹ කොටස් වෙළඳපොල කඩා වැටීම නිසා මෙම සියලූම කොටස් එකක් රුපියල් 20ටත් වඩා අඩු මුදලකට වර්තමානයේ මිල වී ඇත. යම් හෙයකින් මෙම කොටස් විකුණා දැමුවහොත් සම්පූර්ණ අලාභය සේවකයන් විද දරා ගතයුතුවේ. මේ පිළිබඳව සමාගම් පාලන අධිකාරිය හමුවී කොතරම් කරුණු කීවද ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ මෙම කොටස් ළඟදීම ඉහළ යන බවත් එතෙක් ඉවසා සිටින ලෙසත්ය.
මේ හා සමාන ජාවාරමක යෙදුණු සිංගප්පූරුවේ Mitsui Company යේ ජපන් ජාතික කලමනාකාර අධ්‍යක්ෂකවරයා සහ සිංගප්පූරු ජාතික සාමාන්‍ය අධිකාරීවරයා හට සිංගප්පූරු රජය විසින් වසර හතක සිර ද~ුවමක් ලබා දෙන ලදී. සොෆ්ට් ලොජික් සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂක අශෝක් පතිරගේ මහතා සිදු කර තිඛෙන්නේ ඉහත පුද්ගලයින් දෙදෙනාට වඩා බරපතල වරදක් වන අතර ඒ මහතා හට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තිඛෙන සම්බන්ධතාවය හේතුවෙන් නීතියෙන් ගැලවී සිටීමට හැකියාව ලැබුණද, සොෆ්ට් ලොජික් සේවක සේවිකාවන් මේ වනවිට කිසිදු හව්හරණක් නොමැතිව අසරණ වී සිටී.
Source - lankanewsweb.com