Chitika Smowtion 468x60


Thursday, April 5, 2012

බන්දුලගේ කතාවට ආපනශාලා හිමියෝ උත්තර බදිති


පසුගිය 03 වෙනිදා දෙරණ වාදපිටිය වැඩසටහන සහභාගී වූ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විශ්වවිද්‍යාල වල ඇති ආපන ශාලා වල අහාර පාන අඩුවට දෙන බව පුන පුනා ප්‍රකාශ කළා. එම අහාර පැකට්ටුවේ අඩංගු එළවළු, මාළු ආදියේ බර ප්‍රමාණය පවා සදහන් කල ඇමතිවරයා රවී කරුණානායක මන්ත්‍රීවරයා හා එම වැඩසටහනට කතා කල ප්‍රේක්ෂකයන් විමසු ගැටළු වලදී විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින්, කවි කියමින්, MDK ඉදිආප්ප පිටි පිලිබදව වර්ණනා කරමින් කාලය ගතකලා. 

එසේම පිටකොටුවේ විදියක ඇති ආපන ශාලාවක අහාර මිල සම්බන්ධයෙන් බොහෝ වතාවක් කරුණු ඉදිරිපත් කලා. කෙසේ වෙතත් බන්දුල ඇමතිවරයා විශ්වවිද්‍යාලවල ඇති ආපනශාලා වල විකුණන අහාර පාන ගැන කල ප්‍රකාශ වලට එම ආපනශාලා හිමියෝ පිළිතුරු දුන්නා. එහිදී ඔවුන් කියා සිටියේ තමන්ට විදුලිය, ජලය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන නිසා එම මුදලට අහාර ලබා දෙන බවයි. 

මෙහිදී අදහස් දැක්වූ රජයේ ආයතන වලට සේවය සපයන ආපනශාලා එකමුතුව මේ පිළිබදව දක්වන්නේ මෙවන් අදහසක්.

මේ සදහා අකමැත්තෙන් වුවත් සිදුවනවා ප්‍රමිතියෙන් බාල බඩු ගෙනල්ලා දෙන්න. සුදු හාල, ඉතාමත් අඩු ගණන් වල තියෙන හාල, කරවල කටු තියෙන කරවල බැදුම්, එ වගේම පරිප්පු ගෝවා මැනින් මාර්කට් එකේ ඉවතලන එළවළු ගෙනල්ලා තමයි මේ හදන්නේ. කිසිදු පෝෂණ ගුණයක් නැහැ. ගොරකා කෑල්ලක්, එනසල් ඇටයක්, කුරුදු පොත්තක්, කරාබුනැට්ටක්, කරපිංචා කිසිදෙයක් දාන්න විදියක් නැහැ මෙම කෑම වේලකට. මාළු හොද්ද හදන්නේ මිරිස් කුඩු ටිකක් දැම්මා වතුර ටිකක් දැම්මා. කරන්න දෙයක් නැහැ. 

මේ අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ආපනශාලා වල ඇති ආහාර සම්බන්ධයෙන් ප්‍රකාශ කල ගණන් හිලව් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය එ සම්බන්ධයෙන් කරන මිල ගණන් වල පරස්පරතාවයක්ද පවතිනවා. බන්දුල ඇමතිවරයා ප්‍රකාශ කලේ කොළඹ විශ්වවිද්‍යාලයේ එළවළු කෑම පැකට්ටුවක් රුපියල් 25/-ක්ද මාළු,මස් සහිත බත් පැකට්ටුවක් රුපියල් 30/- ද බවයි. එනමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය ප්‍රකාශ කරන අන්දමට එළවළු කෑම පැකට්ටුවක් රුපියල්  30/- ත් 40/- අතරද මාළු හෝ මස් හෝ බිත්තර කෑම පාර්සලක් රුපියල් 50/- ද වේ.

එහි වීඩියෝව පහතින් බලන්න.


  
 




Source: http://www.gossip9.com/2012/04/blog-post_2893.html#ixzz1rA2z7eY4

Share this article with your friends