Chitika Smowtion 468x60


Monday, April 16, 2012

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා දිගටම මැණික් හොරකමේ


මීට පෙර වාර්තාවකින් අප ඔබට පැවසුවේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයියා විසින් ලුණුගම්වෙහෙරින් හමුවූ මැණික් ඉල්ලමේ මැණික් සහිත පස් හමුදාව යොදවා රැගෙන යන පුවතකුයි.

දහවල් කාලයේ ඉල්ලම් සොයන පුද්ගලයන් හමුදාව ලවා මර්ධනය කළ ඇමතිවරයා ඔවුන් කිහිප දෙනෙකුට රාත්‍රියේ ප්‍රහාරද එල්ල කරමින් රාත්‍රී කාලයේදී තමන්ගේ ටිපර් රථ ගෙනවිත් මැණික් සහිත බොරළු පස් එතුලට දමාගෙන ගොස් තිබුණා.

ඉන්පසු කීප විටක්ම රජයට අයත් වාහන යොදාගනිමින් අමාත්‍යවරයා මෙලෙස මැණික් ඉල්ලම් රැගෙන ගොස් ඇති අතර වෙන්දේසි කළ ඉඩමකින් පසුගිය 12 වනදා හොර රහසේ ඉල්ලම් රැගෙන ගිය අවස්ථාවේ අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් පිරිසක් ට්‍රැක්ටරයක් සමඟින් කතරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඉල්ලම් සොරාගන ඇත්තේ මැණික් වෙන්දේසියෙන් කට්ටිකර විකුණූ අංක-2 කැබැල්ලෙනි. රු. ලක්ෂ 80කට මිලදී ගෙන ඇති එක්ම ඉඩමේ කැණීම් අවුරුදු උත්සවය සඳහා සේවකයන්ට නිවාඩු දීමට නවත්වා තිබෙන අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙලෙස මැණික් හොරකමේ ගොස් තිබෙන්නේ.

මැණික් හා ස්වර්ණාබරන අධිකාරියේ සේවකයන් දෙදෙනෙක්, ප්‍රදේශයේ පුද්ගලයෙකු හා ඇමති ආරක්ෂකයින් දෙදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඉල්ලම් හමුවූ දෙන පටන් රජයට අයත් වාහන යොදාගනිමින් කීප අවාස්ථාවක්ම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා මෙලෙස ඉල්ලම් රැගෙන ගිය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.






Source: http://www.gossip9.com/2012/04/blog-post_2992.html#ixzz1sCcrvAYB

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends