Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

ජනාධිපතිට කැවු 'කිරිබත් කට' බිම වැටීම අසුබලූ!


මෙවර අලූත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයේදී, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් නැකැත් වේලාවට ජනාධිපතිවරයාට කෑවූ කිරිබත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම බරපතල අසුබ කාරණයක් බව ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියකු අප වෙත පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳ අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරියකු කියා සිටියේ, එම සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා බලවත් සේ කලබලයට පත්ව කාල්ටන් හී සිට විසුරුවා හැරි සජීවී රූපවාහිනී වැඩ සටහන වහාම නවත්වන ලෙස නියෝග කළ බවයි.
ජනාධිපතිවරයාගේ පුතුන් කිසිවෙකු මෙම අවුරුදු චාරිත්‍ර වැඩ සටහනට සහබාගි නොවීම විශේෂ ලක්ෂණයකි. නාමල් රාජපක්ෂ මහතා සහ යෝෂිත රාජපක්ෂයන්ද ජනාධිපති පුතුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් මේ වනවිට විදේශ ගත වී තිබේ.
ජනාධිපති ආර්යාව කැවූ කිරි බත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම පමණක් නොව, අවුරුදු උදාවත් සමඟ කෝට්ටේ රජමහ විහාරයේ ලංකා නැමති හස්ති රාජයා අකුණුසැර වැදී මිය යෑමද අසුබ කාරණයක් බව අප වෙත තොරතුරු ලබා දුන් ජෝතිෂ්‍යවේදියන් වැඩි දුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends