Chitika Smowtion 468x60


Monday, April 16, 2012

සරත් ෆොන්සේකා වෙත ලබා දුන් "දවසේ නිදහස" ප්‍රතික්ෂේප කරයි


මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු දා රාවයක් පැතිර ගියේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට යන බවකි.

නමුත් එවැනි නිදහස් වීමක් සිදු නොවුන අතර සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දුන් "දවසක නිදහසක්" ද ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වනවා.

යහපත් කල් ක්‍රියාවෙන් මත සිටින සිරකරුවන් සඳහා සතියක නිදහසක් ලබා දී ඔවුන්ට සිය පවුලේ උදවිය සමග ගත කිරීමට අවස්ථාවක් ලබා දීම සාමාන්‍යය බන්ධනාගාර ක්‍රමය වේ.


නමුත් අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර බන්ධනාගාර නිලධාරින් විසින් සිංහල අලුත් අවුරුද්ද සඳහා පවුලේ උදවිය සමග ගත කිරීමට දවසක නිවාඩුවක් අවශ්‍යයදයි විමසා ඇති අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ෂේපකොට තිබෙනවා.






Source: http://www.gossip9.com/2012/04/blog-post_16.html#ixzz1sCReSXf6

Share this article with your friends