Chitika Smowtion 468x60


Friday, April 20, 2012

කිඹුල් උගුල සාදන හැටි


පසුගියදා මාතර නිල්වලා ගඟෙන් අල්ලා ගත් කිඹුලා දෙහිවල සතුන් වත්තට භාරදීමට ගිය මොහොතේ එම කිඹුලා භාර ගැනීම සත්ව උද්‍යානයේ නිළදාරීන් විසින් ප්‍රතික්‌ෂේප කළා. 


ඒ කිඹුලා දරුණු නිසා ත්තුවත්තේ කූඩුවේ සිටින අනික්‌ ගැට කිඹුලන් සමග ගැටුම් ඇතිකර ගැනීමට ඉඩ තිබෙන යැයි බියෙනි. එම නිසා කිඹුලා යාල අභය භූමියට මුදා හැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවුණා.

එම නිසා නිල්වලා ගඟේ සිටින මිනීමරු කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම පෙරේදා සිට තාවකාලිකව නතර කිරීමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබෙනවා. කිඹුලන් ඇල්ලීමට පෙර ඔවුන් මුදාහැරීමට නිශ්චිත ස්‌ථානයක්‌ තෝරාගන්නා තෙක්‌ මෙලෙස මෙහෙයුම තාවකාලිකව නතර කළ බවයි වාර්තා වෙන්නේ.

මාතර ගඟේ මිනීමරු කිඹුලන් ඇල්ලීමේ ව්‍යාපෘතිය කිසිසේත්ම රජයෙන් අනුග්‍රහය ලැබූ එකක් නොවේ. කිඹුලා ඇල්ලීමට සාදන ලද අඩි 18 ක් පමන දිග උගුල සෑදීම සහ එය අදාල ස්ථානයන්හි සවිකොට කිඹුලා අල්ලා ගන්නා ලද්දේ ස්වෙච්ඡා වනජීවී ක්‍රියාකාරිකයන් පිරිසකි. 



නිල්වලා ගඟේ කිඹුලන් කොපමණ සිටිනවාද කියා නිශ්චිත තොරතුරු නැති නිසා කිඹුලන් අල්ලා අවසන් බවටත් ගඟට බැසීම ආරක්‍ෂා සහිත බවටත් ප්‍රකාශ කළ නොහැකි අතර කිඹුලන් වෙනත් ස්‌ථාන වලට රැගෙන යැමට තීරණය කිරීම දේශපාලන තීන්දු මත සිදුකරනු ලැබූවත් වඩාත් යෝග්‍ය වන්නේ මිනිසුන්ට ගඟ පරිහරණය කිරීමට වඩාත් රජය මඟින් ආරක්‍ෂිත කිඹුල් කොටු ඉදිකර දීම බවයි වනජීවී නිළධාරීන් ප්‍රකාශ කරන්නේ.

මීට දින කීපයකට පෙර කිඹුලා අල්ලාගන්නා ලද උගුල සාදන අවස්ථාවේ ගත් ජායාරූප කීපයක් හා උගුලට කිඹුලා හසුවීමෙන් ගත් ජායාරූප කීපයක් අප වෙත ලැබී තිබෙනවා. ඒවා පහතින්.




විස්තර හා ජායාරුප එව්වේ : පාරමී විද්‍යාරත්න  

Read more: http://www.gossip9.com/2012/04/blog-post_3164.html#ixzz1sZvKGoKW

Share this article with your friends