ලෝක ප්‍රසිද්ධ බැංකු හිමියෝ, ධණ කුවේරයෝ, රජවරු, කුමාරවරු කුමාරියෝ , රාජකීය හොරු මෙහි ජීවත්වෙති. ඒ අතරට ලෝකයේ ජාත්‍යයන්තර සංවිධාන මුලස්ථානයන් වැඩි ප්‍රමානයක් පිහිටා ඇත්තේද මෙම නගරයේය. සමහර අවස්ථාවල ලෝකයේ පැවැත්ම පිළිබඳ තීන්දු තීරන ගන්නේද මෙම නගරයේය. උක්ත කරුනු හේතු කොට ජීනිවා නගරය ලෝකයේ බොහෝ දෙනාගේ කථා බහට ලක්වෙති. පසුගිය දිනවල › ලංකාව තුලද ජීනිවා නම සියලූ දෙනාගේ කථා බහට ලක්වුනේය. එයට පටපැඳූනු එල්එල්ආර්සී, උගත් පාඩම් කොමිසම, මානව හිමිකම්, යුධ අපරාධ යන සිංහල ඉංග්‍රිසි වාක්‍යයද කියවුනේය. ඒවා සමාජය තුල කථීකාවටද භාජනය වුනේය. සුපුරුදු ලෙස කැමැති අයද සිටිති. අකමැති ඇත්තෝද නැත්තේ නොවේ. විරුද්ධයෝද සිටිති. කිසිම දෙයක් නොදන්නෝ ගොඩක් සිටිති. ඕන බම්බුවක් යනුවෙනුත් සිටිති. සමහරු නිදි වරති.එය සමාජයේ හැටිය. ඉහත සියලූම කොටස් හැම කථීකාවකම සිටිති. ලෝක දර්මය එයයි. එබැවින් උක්ත කරුන කේන්ද්‍රය කොට ඒ වටා ඇති පරිධිය සම්බන්ධ වන ජීනිවා වෘත්තය ගැන පැහැදිලි කර ගැනීමට එම විෂය සමග ඇසුරු කර ඇති ඒ සම්බන්ධව විද්වත් විචාරයක් ලබා ගැනීම කාලෝචිත බැවින් ප්‍රංශයේ › ලංකා තනාපති ආචර්ය දයාන් ජයතිලක මහතා මුණ ගැසුනෙමි.
තනාපති තුමනි පසුගියදා සමාජය තුල ජීනීවා නුවර ගැන විවිධ කථා අසන්නට ලැබුනා. ලංකාව සම්බන්ධව ජීනිවා නුවර සිදුවූ සිද්ධිය ඇත්තටම කුමක්ද?
පිලිතුර
මම එම ස්ථානයේ නොසිටි බැවින් ජිනීවා හි මානව හිමිකම් කවුන්සලයේ සිදුවූ ඇතුල් පැත්ත ගැන ප්‍රකාශ කිරීමට නොහැකිය. නමුත් පැරීසියේ සිට මම එය නිරීක්ෂණය කළෙමි. එබැවින් අනෙක් අය දන්නේ කුමක්ද? මම ද එය දන්නෙමි. සරලව පැවසුවොත් අපට විරුද්ධව ඉදිරිපත් වූ එම යෝජනාවෙන් අපි පරාජය වුනෙමු. 2009 ට සාපේක්ෂව එÞා ජය ගැනීමට මා කල සටනේ දි ලැබු වැඩි ජන්ද 17 මෙවර බිඳී විසිරී ගිය බවක් දක්නට ලැඛෙනවා. ඒ අනුව මෙවර ජිනීවා හි සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලන, මානසික ගැටුමෙන් අප පරාජය වුයේය. එය තමයි සරල සත්‍යය. එම සරල බව පිටුපස අප නොදකින පැත්තකුත් තිඛෙනවා. ප්‍රථමයෙන් මෙම යෝජනාව එතරම් මෘදු හෝ සරල නොවන බව අවබෝධ කර ගැනීම වටින්නේය.
සමහරු සිතනවා මෙම යෝජනාව එල්එල්ආර්සී ක්‍රියාත්මක කිරීම සදහා පමනක් බව. නමුත් ඊට අමතරව මෙම යෝජනාව එක් භයානක උගුලක ආරම්භයක් ලෙස පෙනෙනවා. එබැවින් එම උගුලට අසුනොවීමට › ලංකාව සෑම උත්සහායක්ම ගත යුතු වන්නේය. ඒ සදහා ලැබූ පරාජය¦ පරාජයක් ලෙස අවංකව දැන හදුනා ගැනීම වටිනවා. එම පරාජය ජයක් ලෙස ගෙන හැර පෑම හො එළෙස දැකීම විශාල පරාජයකට මග පාÞා ගැනීමක් වෙනවා. එබැවින් පරාජය පරාජයක් ලෙස සිතා ඊලඟ වර ජය ගැනීමට ඇවැසි මාර්ගය ගොඩ නැගීම ඇරඹුවොත් ඉදිරියේදි අපට ජය ලැබේවි.
ප්රශ්නය
අපට එරෙහි ඇමෙරිකානු චෝදනාවේ උගත් පාඩම් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක කලයුතු බවට සදහන් වන බව බෝහෝ අය කියනවා. මෙහි සත්‍ය තත්වය කුමක්ද?
පිලිතුර
ඇමෙරිකාව ඉදිරිපත් කල යෝජනාවේ පෙර වදනක් තිඛෙනවා. › ලංකා රජයේ උගත් පාඩම් වාර්තාවෙන් › ලංකාවේ සාමයට යම් පිටුවහලක් විය හැක යනුවෙන් එහි සදහන් වෙනවා. ඒ සමගම ජාත්‍යයන්තර නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව කිසිම සඳහනක් නොමැති බවත් කියනවා ඒක මහා බොරුවක්. මන්ද? උගත් පාඩම් කොමිසම් වාර්තාවේ ජාත්‍යයන්තර නීති සම්බන්ධව පිටු ගනනාවක් වෙන්වී තිඛෙනවා. අනෙක මෙම වාර්තාව සැකසු මන්ඩලයට අයත් වූවන්ගෙන් ආචාර්්‍ය රොහාන් පෙරේරා යනු ලෝක නීති කොමිසමේ සමාජික ඉහත නීති පිළිබද ඉන්නා විශේෂඥයෙක්. එසේ තිබියදීත් ඇමෙරිකාව බොරු කියනවා. එසේ කියමින් උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කලයුතුය, එය ඉදිරියට යායුතුය. ඒ අතර ඉන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර නීති උල්ලංඝනයන් ගැන සෙවිය යුතුයැයි කියන්නේය. මෙය හරියට කාඩ් තුනේ සූදුව වගේය. අපි එල් එල් ආර් සී ක්‍රියාත්මක කිරීමට හැරෙන කොට ඔවුන් කාඩ් එක මාරු කරලා. අවසානයේ මෙම බලවතුන් හදන්නේ අතීතයේ හ~ නැගූ ජාත්‍යන්තර යුධ අපරාධ සම්බන්ධව පරීක්ෂන පවත්වන තැනට අපව රැගෙන යාමටයි. අපි එය තේරුම් ගත යුතුයි. ඉන් පසු නවනීතන් පිල්ලේ මහත්මියගේ කාර්යාලයේ සහය ද ඒ සදහා ලබා ගත යුතුයැයි ඔවුන් කීවද අපට ජන්දය නොදුන් ඉන්දියාවේ ඉල්ලීම මත සිදුවූ සංශෝධනයෙන් එය › ලංකා රජයේ අනුමැතිය හා ඇරයුම පරිදි ලෙස වෙනස් වුනා. එබැවීන් මෙම උගුලෙන් බේරීමට කල යුත්තේ එල් එල් ආර් සී වාර්තාව ක්‍රියාවට නැගීමයි. එය මම පමනක් නොව අපට මිත්‍ර රුසියානු තානාපති තුමාද පසුගියÞා කොළඹදී ප්‍රකාශ කර තිබුනා. එසේ නොවුනොත් ඉහත දේ තුලින් අප විසින් සකස් කල අපේම වාර්තාව ක්‍රියාවට නැගීමට › ලංකාවට උවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත යන කරුන මත ඒ සදහා ජත්යයන්තර ක්‍රියාÞමයක් අවශ්‍යය බව ඔවුන් විසින් කියනු ඇත. එබැවින් සතුරාගේ උගුලට අසුනොවී සිටීමට නම් අපි එල් එල් ආර් සී ක්‍රියාමක කිරීම නුවනටත් හොඳයි. එහි සමහර කරුනු නිසා රටටත් හොදයි.
ප්රශ්නය
තනාපති තුමනි ජීනිවා වලදී බොහෝ විට සිදුවන්නේ බලවතුන් පොඩි එවුන්ට මට්ටු කරන එක බව බොහෝ අය කියනවා. ඒ ගැන ඔබ තුමාගේ පැහැදිලි කිරීම කුමක්ද?.
පිලිතුර
එවැනි කථාවක් තිඛෙනවා. නමුත් එය එසේ නොවේ. අපි ඉතිහාසය දෙස බලමු. 2009දි අපට විරුද්ධ වූ මහා බලවතාට විරුද්ධව ඡන්ද 29ක් රැගෙන එම සටන අපි ජය ගත්තෙමු. 2012දි සුපිරි බලවතා අපට පිටුපසින් නොසිට පෙරමුණ මෙහෙය වුයේය. නමුත් මෙවර ඇමෙරිකාවේ යෝජනාවට ඉන්දියාවේ සහයත් සමග ඡන්්24යි. මේ අනුව මෙවර එක්සත් ජනපදයට එම ඡන්ද ප්‍රමානයවත් ලබා ගැනීමට නොහැකි විය. පසුගිය ජිනීවා සැසි වාරයේ ලංකාවට එරෙහි යෝජනාවට පැයකට පසු වෙනත් ජාත්‍යයන්තර යෝජනාවක් සැසියට ඉදිරිපත් වුනා. මානව හිමිකම් කවුන්සලයේ නවනීතන් පිල්ලේ මහත්මියගේ කාර්යාලය මහා විශාල යාන්ත්රනයක්. ලෝකයේ විවිධ භූගෝලීය ප්‍රදේශ ආවරනය වන පරිදි අනුපාතයකට අනුව ඉහත යාන්ත්‍රනය සමන්විත වියයුතු බවට වූ යෝජනාවට එක්සත් ජනපදය හා වෙනත් බටහිර රටවල් විරුද්ධව සිටියත් යොජනාවට පක්ෂව ඡන්ද 33ක් ලබා යොජනාව සම්මත වුනා. එම යෝජනාව ඉදිරිපත් කළේ කියුබාවයි. එදිනම පලස්තීනය විසින් ඉදිරිපත් කල යෝජනාවකට ඇමෙරිකාව විරුද්ධ වුවත් ඡන්ද 46ක් ලබා පලස්තීනය ජය ගත්තා. එබැවින් ජිනීවා හි මානව හිමිකම් කවුන්සලය Þාදු කැටය එක පැත්තට පෙරළෙන ලෙස සැදුම් ලත් සංවිධානයක් නොවේ. ඉහත කරුනු අනුව එක්සත් ජනපදයට පැහැදිලි පරාජයක් අත්වුනා. අපි සෙල්ලම් කරන්නේ ජය ගැනීමට නොහැකි පිට්ටනියක නොවේ. දිනන්න පුළුවන් වෙන්න ඕනේ. එසේ හැකි බව 2009දි අපි පෙන්නුවෙමු. ඒ සඳහා බුද්ධිය අවශ්‍ය වෙනවා.
ප්රශ්නය
තනාපති තුමනි › ලංකාවට එරෙහි ඉදිරිපත් කළ චෝදනා අතර ඇති යුධ අපරාධ, මානව හිමිකම්, වගේ කරුනු සම්බන්ධව එම චෝදනා ඉදිරිපත් කරන බලවතුන්ද එවැනි වැරදි වැඩ කර තිඛෙනවා. විකිලික්ස් හෙළිදරව්වක් වු ඉරාකයේ අහිංසක පවුලක් මරා දැමීම උÞහරනයක් ලෙස ඉදිරිපත් කලත්, ඔවුන්ට විරුද්ධව ජීනිවා වලදි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේද?.
පිලිතුර
අනිවාර්්‍යයෙන්ම ඔව්. එසේ කල යුතුයි. ඉරාකයේ පමනක් නොවයි අපි කොතැනින් පටන් ගෙන කොතැනින් අවසන් කලයුතු දැයි සිතන තරමට මෙම මහා බලවතුන් සිදුකර ඇති මානව හිමිකම් උල්ලංඝනය, යුධ අපරාධ ඒ තරමට විශාලයි. අඩු සාන්ද්‍රන යුරේනියම් මිශ්‍ර බෝම්බ, උන්ඩ වලින් වියට්නාමයේ 1,82000ක් මරණයට පත්කලා. ඉරාකයේ ෆලූජා නගරයේ ඛේදවාචකය ඊටත් වැඩිය. අද ෆලූජා විකෘති දරුවන් බිහිකරන නගරයක් බවට පත්වෙලා. ඒ වටා සිටි ඇමෙරිකානු සොල්Þාදුවෝ බොහෝමයක් රෝගියෝ බවට පත්වෙලා. ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ තත්වයද ඉහත ක්‍රියාÞාමයට නොවෙනස්ය. දැන් මේවා පිළිබඳ හොයන්නෙ කවුද?. මෙවැනි පරිසරයක අපට යුධ අපරාධ පිළිිබඳ චෝදනා ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම කුහක විධියටය. එබැවින් අපි නොකල යුතුයැයි එයින් අදහස් නොවේ. එවැනි වැරදි සිදුවී ඇත්නම් එය සොයා බලා අවශ්‍යය ක්‍රියාÞාමයන් සිදුකල යුතුය. අවසානයේ සැමට යුක්තිය ඉටුවිය යුතුය. එය සිදුකල යුත්තේද අප විසින්මය. එය රටේ කීර්ති නාමයට හොඳය. නමුත් මේ පිළිබඳව ඇමෙරිකාවට, බි්රතාන්යයට හෝ බටහිර බලවතුන්ට › ලංකාව දෙසට ඇඟිල්ල දිගු කරන්න කිසිම සÞාචාරාත්මක අයිතියක් නැති බවද පැහැදිලිව කිවයුතු වෙනවා.
ප්රශ්නය
පොඩි රටවල් බලවතුන්ට එරෙහි එවැනි යෝජනා ඉදිරිපත් කොට ජය ගෙන තිබේද? එසේ නම් ඒ මොනවාද?.
පිලිතුර
සත්‍ය වශයෙන්ම ඔව්. වසරක් පාසා පවත්වන නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මහා සැසියට ඉදිරිපත් කරන යෝජනාවක් තිඛෙනවා. දශක ගනනක සිට ඇමෙරිකාව විසින් කියුබාවට විරුද්ධව පනවා ඇති සම්බාධක වලට එරෙහිව කියුබාව විසින් යෝජනාවක් ඉදිරිපත් කරන්නේය. යොජනාවට පක්ෂව ඡන්ද 190යි. විපක්ෂව ඇමෙරිකාව සමග ඡන්ද තුනයි. පසුගියÞා පැරිස් යුනේස්කෝවේදී පලස්තීනය විසින් ඉදිරිපත් කල යෝජනාවට පක්ෂව ඡන්ද තුනෙන් දෙකකටත් වඩා ලබා ගනිමින් විරුද්ධ ඇමෙරිකානු කන්ඩායම පරාජය කළේය.ඒ සදහා › ලංකාව වෙනුවෙන් මට යම් කාර්ය භාරයක් ඉටු කිරීමට ලැබීම සතුටක් ලෙස සලකනවා. මෙවැනි උÞාහරන බොහෝ ඇත. මේ අනුව සුපිරි බලවතුන් පරාජය කල නොහැකි යැයි කීමට නොහැක. එබැවින් එඑැනි යෝජනා ඉදිරිපත් කරන්නාගේ පිරිසිදු සාධාරන බවත් බලවතාගෙන් සිදුවන අසාධාරනයත් උක්ත ජය පරාජය කෙරෙහි බලපාන්නේය.
ප්රශ්නය
පසුගිය ජීනිවා සමුළුවෙන් පසු විවිධ වගකීම් ඇති ඇමති වරු එම විෂය සම්බන්ධව රාජ්යත්රාන්තික නොවන දේශීය ප්‍රකාශ නිකුත් කර තිබුනා. ඒ ගැන ඔබතුමා දක්වන අදහස කුමක්ද?.
පිලිතුර
ඒ ගැන විශේෂ දෙයක් කීමට ඇත්තෙත් නැහැ. නමුත් කිව යුත්තේත් නැහැ. සභාග ආණ්ඩු ඇති ප්රජාතන්ත්රවාදි රටවල රාජ්‍ය තාන්ති‍්‍රක ප්‍රශ්න ගැන විවිධ ප්‍රකාශ ජන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා. පක්ෂයක් තුල වුවද එසේ විය හැකිය. ඉහත සැදුම්ලත් සැකිල්ලේ එවැනි විවිධ මත ප්‍රකාශ කරන්නෝ සිටිය හැකිය. එබැවින් එය පුදුමයට කරුනක් නොවේ.
ප්රශ්නය
පසුගිය දිනක රජයට සම්බන්ධ ඇමති වරයෙක් ඇමෙරිකානු විරෝධය අරබයා, ගුගල් වර්ජනය කලයුතු බවත් ඔහුගේ ජීමේල් විද්‍යුත් තැපෑල අස්කල බවත් කියමින් › ලංකා වාසී මහජනයාත් එය අනුගමනය කලයුතු යැයි පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබුනා. නමුත් ඇමෙරිකානු මික්රොසොෆ්ට්හී වින්ඩෝස් වර්ජනය කලයුතු බවක් සදහන් කර නැත .මෙම ඇමතිවරු මෙවැනි ප්‍රකාශ කරන්නේ මහජනයා මෝඩයෝ ලෙස සිතාගෙනද? එසේ නොවේ නම් ඔවුන්ව ගොනාට ඇන්දවීමක්ද? එසේත් නැතිනම් ප්‍රකාශ කරන්නාගේ නොදැනුවත්කමද? මේ ගැන › ලාංකික වැසියෙක් ලෙස ඔබතුමාගේ පැහැදිලි කිරීම කෙසේද?
පිලිතුර
රජයේ කැබිනට් ප්‍රකාශක එය රජයේ ප්රකාශනයක් නොව පුද්ගලික මතයක් බව පැහැදිලිවම කියා තිබුනා. චීනය වගේ රටකට ඔය සටන් පාඨය ගැලපෙනවා. මන්ද ඔහු ලෝක ආර්ථීක බලවතෙක් බැවිනි. වෙළඳ පොලක් නොමැති අපි ගුගල් වර්ජනය කරා කියා ඇමෙරිකාවේ කොම්පැනි වලට දැනෙන්නේ නැත. අනෙක ජී මේල් යනු එබිකම් කර බැලිය නොහැකි ආරක්ශිත විද්‍යුත් තැපෑලකි. එය වර්ජනය කරනවා යනු එබිකම් කලහැකි විද්‍යුත් තැපෑලකට මාරුවීමයි. එය පුරවැසියන්ගේ පුද්ගලික ජීවිතය අනාරක්ෂිත කිරීම සදහා කල කථාවක් විය හැකිය. මොවුන් සිදු කිරීමට සුÞානම් වන්නේ එවැනි දෙයක් යැයි නොකිව හැක්කේ කාටද?. කොහෝම නමුත් අධිරාජ්‍යවාදයට හා විදේශ අත පෙවිම් වලට විරුද්ධව සටන් කිරීමට නම් ගුගල් වර්ජනය කර හෝ යුඑන්ඕ කාර්යාල ඉදිරිපිට බඩගින්නේ නිÞා ගැනීමෙන් කළ නොහැක. විදේශ බලවේග වලට විරුද්ධව සටන ජය ගන්නේ කෙසේදැයි අපි ජිනීවා හි දී පෙන්වුවෙමු. ඒ සදහා බුද්ධිය පාවිච්චි කල යුතු වෙනවා. ඒ වගේම › ලාංකික ජනතාව ජී මේල් වර්ජනය කරනු වෙනුවට කලේ එම සටන් පාඨය වර්ජනය කිරීමයි.
ප්රශ්නය
මෙම ලෝක බලපෑමෙන් මිදී නිදහස් රටක් ලෙස ඉදිරියට යෑමට අප කල යුත්තේ කුමක්ද?
පිලිතුර
අපි කලයුත්ත ඉතාම සරලයි. විශාල රැඩිකල්, විප්ලවවාදි දෙයක් නොවෙයි. පලමුවෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටේ සෑම තැනකම ආවරනය වන ලෙස ක්‍රියාත්මක කලයුතුයි. දෙවනුව යුද්ධය අවසන් බැවින් තිස් අවුරුදු යුධ සමයට පෙර තිබූ එනම් ප්රාග් යුධ සමයේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක වූ අවධියට යායුතුය. තෙවනුව රටේ රාජ්‍ය පාලකයාගේ අනුමැතිය පරිදි පත්කල කොමිසමේ නිර්දේශ හා යෝජනා කඩිනමින් පරිපූර්ණව ක්‍රියාවට නැගිය යුතුයි. ඉහත කරුනු රැඩිකල් වාදි, විප්ලවවාදි හෝ ආණ්ඩු විරෝධි යෝජනා නොවේ. මේ සම්බන්ධව විප්ලවවාදියෝ හෝ රැඩිකල්වාදියෝ කුපිතකාරී ලෙස හැසිරෙන්නේ නම්¦ ඔහු, යමෙක් හෝ ආයතනයක් නම් ඔවුන්ගේ සැබෑ තත්වය ලෝකයාට හෙළිවේවි. මෙය කෙටියෙන් සදහන් කරන්නේ නම්, වසර 2556 කට පෙර බුදුන් වහන්සේ වÞාළ ආකාරයට රජය හා සමාජය මැද මාවතක ගමන් ගත යුතුය. මැද මාවත යනු පාර මැද සිටගෙන සිටීම නොවේ. මැද මාවතක් නොමැති නම් එළිපෙහෙලි කර මැද මාවත සොයා ඒ ඔස්සේ ගමන් කලයුතුය.
ප්රශ්නය
තනාපති කාර්යාලයේ සිදුවන අළුත් වැඩියා කිරීම් හා වෙනත් දේ සම්බන්ධව ඔබ තුමාට විරුද්ධව රාජ්‍ය මට්ටමෙන් චෝදනා ඉදිරිපත් කොට එයට පිලිතුරු බලාපොරොත්තු වන බව දන්වා තිඛෙනවාද?.
පිලිතුර
සාමාන්‍ය නිලධාරියකුගේ අත්සනක් සහිත පිටු පහක පැක්ස් පනිවුඩයක් මගින් දන්ඩ නීති සංග්රහාය යටතේ කටයුතු කල හැකි බව දන්වා ඉතා දරුනු වචන භාවිතා කොට චෝදනා පත්‍රයක් එවා තිඛෙනවා. ඔබතුමා මෙම කාර්යාලයට පැමිනෙන කෙනෙක් ලෙස මෙම තනාපති කාර්යාලයේ තත්වය දන්නවා ඇතිනෙ. ගරා වැටුනු පරණ අබලන් දුම්රිය පොළක් ලෙසට තිබුනු මෙම ස්ථානය අළුත් වැඩියාවක් නොවේ පිරිසිදු කිරීමක් කරමින් තිබේ. අනෙක් තානාපති කාර්යාල හා සසඳන කල අපේ තානාපති කාර්යාලයේ තත්වය අපේ රටට එතරම් නොගැලපේ. තානාපති කාර්යාලයේ තීන්ත ගෑම, මේස පුටු ගැනීම, බුමුතුරුනු ඇසිරීම තානාපති ලෙස මට අයත් කාර්යක් නොවේ. ඒ සදහා වූ නිලධාරින් එම කටයුතු සිදුකරති. ඔවුන්ගේ අතින් යම් අතපසුවීම්, අඩුපාඩු සදහා ආයතනයේ ප්‍රධානියා ලෙස වගකිව යුත්තේ මම නම්? ඒ තර්කය මත ඈත පිටිසර ගමක සෙඛෙලෙක් හෝ දෙදෙනෙක් විසින් කරන ලද අපරාධයකට රටේ ප්‍රධානියා වූ ජනාධිපති වගකිව යුතුය මන්ද? ඔහු සේනාධිනායකයා වන බැවිනි. මෙවැනි චෝදනාවල අර්ථය එයයි. අනෙක මෙම චෝදනාවේ බොහෝම දරුනු වචන පාවිච්චි කර තිඛෙනවා. මුදල් වංචාව, ආණ්ඩුවේ ගමනට යටින් අකුල් හෙලීම වැනි දේවල් හා මෙතන වංචා වූ මුදල් ප්‍රමානයක් සදහන් කර නැත. අකුල් හෙලීම ගැන පැහැදිලි කිරීමක් නැත. ඒ වගේම මම වෙනත් සමහර තානාපති වරුන් මෙන් නිල නිවසේ නොසිට මිලියන් ගනන් ගෙවමින් සුපිරි හෝටල් වල ලැගුම් ගෙන මහජන මුදල් නාස්ති කර නැත.අනෙක තානාපති කාර්යාලයට බඳවා ගත් › ලාංකික දරුවන් ගැන, ඔවුන් ප්‍රංශයේ විශ්ව කීර්තියට පත් සෝර්බෝන්, සයන්ස් ෆෝ වැනි සරසවි වල පශ්චාත් උපාධි හිමිකර ගත් භාෂාවන් කිහිපයක් කථා කරන දක්ෂ දරුවන්. අනෙක් කරුන මෙම අලූත් වැඩියා සදහා වැයවන මුදල රුපියල් වලින් මහා විශාල ලෙස ගෙනහැර දැක්වීම. ප්‍රංශයේ වෙළඳ පොල හා සේවා Þායකත්වය සිදු වන්නේ රුපියල් වලින් නොව යුරෝ වලිනි. යුරෝ එක හෝ ඩොලරය රුපියලෙන් වැඩිකර දක්වන සංකේත මුදල විශාල වීම රුපියලේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොව. ඩොලරයට හෝ යුරෝවට සාපේක්ෂව රුපියල පහත වැටීම මගේ ප්‍රශ්නයක් නොවේය. ඉහත සියල්ලේ චෝදනා සාරාංශය දරුස්මාන් හා චැනල් ෆෝ චෝදනා හා සමානය. ඒ නයින් දරුස්මාන්, චැනල් ෆෝ අසත්‍ය නම් ඉහත චෝදනාත් එසේ විය යුතුය. එසේ නොවේ නම් දරුස්මාන් හා චැනල් ෆෝ වැනි බේගල් සත්‍ය වියයුතුය. නමුත් මට විරුද්ධ ෆැක්ස් චෝදනාව දරුස්මාන් හා චැනල් ෆෝ වැනි බේගල් වලින් පිරි අසත්‍ය පුජŒය ස්ථාන වලින් නිර්මානය වූ ඒවා බව පැහැදිලිව කිව යුතුය.
ප්රශ්නය
මෙම චෝදනා වල සත්‍ය තත්වය කුමක්ද?.
පිලිතුර
කිසිම සත්‍ය බවක් නැත. දරුස්මාන් හා චැනල් ෆෝ යම් සේද? මෙම චෝදනාද එසේමය.
ප්රශ්නය
ඔබතුමා ප්‍රංශයේ තනාපති තනතුරෙන් ඉවත් කිරීමට යන බවක් මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබුනා. මේ ගැන ඔබ තුමාට පැවසීමට ඇත්තේ කුමක්්ද?.
පිලිතුර
එÞා 2009දී සතුරු බලවේග වලට විරුද්ධ ජිනීවා සටන ජයගත් පසු ඉන් ටික දිනකට පසු එම තනතුරෙන් මාව ඉවත් කලා. එÞා සිට අද වනතුරු කිසිවෙකු එම ජයග්රහානය ගැන අසා නැත. එවැනි ජයකින් පසු සිදුවූ එම සිදුවීම අනුව මෙවරද එවැනි දෙයක් සිදුවුවොත් ඒ ගැන මම එතරම් පුදුම වන්නේ නැත. එසේ වුවොත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නොලැඛෙන බවට මෙය හොදම සාක්ෂියක් වේවි..
ප්රශ්නය
ප්‍රංශයේ › ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යයන්තර පැරිස් ශාඛාවේ ඉල්ලීමක් පරිදි ප්‍රංශයේ නේවාසික බලයලත් › ලංකා රියදුරු බලපත්‍රය හිමි › ලාංකිකයින් සදහා ප්‍රංශ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට කල ඉල්ලීමක් විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරා මහතා මගින් ගරු ජනාධිපති තුමා දක්වා දැනුවත් කර ඇති බව එම ඉල්ලීම භාරගත් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ගාමිනි විජිත් විජයමුනි සොයිසා මහතා ලිඛිතව එම පක්ෂ ශාඛාවට දන්වා තිඛෙනවා. ග්‍රීසිය හා ඉතාලිය යන රටවල › ලාංකිකයෝ මෙම සහනය දැනටමත් භුක්ති විඳිනවා. උක්ත කරුන සම්බන්ධව රාජ්‍ය මට්ටමෙන් මේ වනවිට ඔබතුමා දැනුවත් කර තිබේද? එසේ නොමැති නම් තනාපති තුමා ලෙස මෙම සහනය ලබා ගැනීමට ඔබ තුමාට යම් ප්‍රවේශයක් තිබේද?.
පිලිතුර
මෙතෙක් ඒ ගැන නිල දැනුම් දීමක් කර නැත. නමුත් මේ ඉල්ලීම කෙරෙහි මා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන අතරම ඒ සදහා අවශ්‍යය නිලධාරීන් දැනුවත් කර ඇත්තෙමි. මෙම කරුන ගැන අÞාල සංගම් සමග ද සාකච්ඡා කළේය.ඒ සදහා › ලංකා රජය විසින් කලයුතු වැඩ කොටසක්ද ඇත. එය සිදුවන තුරු මෙම කටයුතු ඉදිරියට ගෙන යෑම අපහසු හා ක්‍රමවේදයට අනුකූල නොවන බැවින් එම ප්‍රතිචාර ලැඛෙන තුරු අපි බලා සිටින්නෙමු.
ප්රශ්නය
තනාපති කාර්යාලය මගින් සිදු කරන දෛනික කලමනාකරන කටයුතු බොහෝ අලස කලකිරීම, කෝපය, ප්‍රමාදය වැනි දේවලට සම්බන්ධව සිදුවන බවට අතීතයේත්, වර්තමානයෙත් තනාපති කාර්යාලයට සේවය බලාපොරොත්තුව පැමිනෙන › ලාංකිකයෝ විසින් චෝදනාවක් කරනවා. මේ ගැන ඔබතුමා දැනුවත් වී තිබේද?.
පිලිතුර
අතීතයට වඩා තරමක් හොද තත්වයක් වර්තමානයේ ඇතිවී තිඛෙන බව කිවයුතුයි. මින් පෙර මෙහි අකටයුතුකම් සිදුවී ඇති බවද මට දැන ගන්න ලැබුනා. ඉතින් මේ සියලූ දේ සලකා බලා ලංකාවේ නීති උපාධිධාරී විදේශ සේවයේ සුදුසුකම් ලැබු භාෂා තුනටම දක්ෂ තරුන නිලධාරියෙක් යටතේ කළමනාකරනය පෙළගස්වමින් ඉතා යහපත් සේවයක් ලබා දීමට කටයුතු කරමින් සිටින්නේය.
සුනිල් ආනන්ද පැරීසියේ සිට
Source - lankanewsweb.com