Chitika Smowtion 468x60


Monday, April 23, 2012

ඩිලාන්ගේ කණ පලන බව ජනාධිපති කියලා


මින් ඉදිරියට සීමාව ඉක්මවා කටයුතු කළහොත් "කණ පලන" බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට තරවටු කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්ව අමාත්‍යධූරයක් ලබා ගත් ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ කාර්යාලයට පහර දීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා වෙතය.
ඒ පිළිබඳව සිදු කළ පරීක්‍ෂණවලදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් එයට සම්බන්ධ වී ඇති බව නාගරික සංවර්ධන හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව පසුගිය දා ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට දුරකතනයෙන් කතා කොට ඇති ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් දොස් පවරා, ‘‘කණ පැලෙන්න බීලා, ආයෙත් පිස්සු කෙලින්න ගියොත් මම තමුසෙගෙ කණ පලනවා’’ යැයි දැඩි ආවේගයෙන් යුතුව ප‍්‍රකාශ කර ඇත. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ කාර්යාලයට පහරදීමට තමාගේ සම්බන්ධයක් නැතැයි ඩිලාන් අමාත්‍යවරයා පැහැදිලි කිරීමට උත්සාහ කළද ජනාධිපතිවරයා එම කාරණා ප‍්‍රතික්ෂේප කර දුරකතනය විසන්ධි කර තිබේ.
ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා දැඩි නාමල් ගැත්තෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ ප‍්‍රසිද්ධියක් ඉසිලුවද, බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමිව ඇත්තේ ලක්‍ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාට සහ හිටපු කතානායකවරයාගේ පුත් උදිත ලොකුබණ්ඩාර මහතා වෙතය. උදිත ලොකුබණ්ඩාර මන්ත‍්‍රීවරයා නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාට තරුණ්‍යට හෙටක් සංවිධානයේ ප‍්‍රධානියෙකු ද වේ.
ඌව මහ ඇමති ශෂින්ද‍්‍ර රාජපක්‍ෂ මහතා ද ඉදිරි මහමැතිවරණයේදී බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානය යටතේ තරග කිරීමට තීරණය කර ඇති තත්ත්වයක් යටතේ තම මන්ත‍්‍රීධූරය ආරක්‍ෂා කර ගැනීමට තවතවත් නාමල් පසුපස යෑමට ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට සිදුවනු ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends