Chitika Smowtion 468x60


Monday, April 23, 2012

ශ‍්‍රිලනිපය දියවී යාම වළක්වා ගැනීමට ප‍්‍රතිසංවිධානයක්


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පැවතියද පක්ෂයක් ලෙස ශ‍්‍රීලනිපය දවසින් දවස දියවී යාමේ අවධානමකට ලක් වී ඇති බැවින්, වහාම පක්‍ෂය ප‍්‍රතිසංවිධාන කළ යුතු බවට පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා කළ යෝජනාවකට අනුව පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය වී ඇති අතර, ඒ අනුව එහි සමාරම්භක ව්‍යාපෘතිය මැයි මස 12,13 දෙදින අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
1992- 1993 වකවානුවේදී අනුරුද්ධ රත්වත්තේ මහතා විසින් ක‍්‍රියාවට නංවන ලද ශ‍්‍රිලනිප ප‍්‍රතිසංවිධාන වැඩසටහනට අනුව මෙවර ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළද ක‍්‍රියාවට නැංවෙන අතර, ඒ අනුව එම දෙදින තුළ අනෙක් දිස්ත‍්‍රික්කවල ආසන සංවිධායකයින් හා ක‍්‍රියාකාරිකයින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඡන්දපොළ කොට්ඨාශ මට්ටමින් එම ව්‍යාපෘතියට සහභාගී කරවීමට කටයුතු යොදා තිබේ.
මෙම ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ දිස්ත‍්‍රික් මට්ටමින් සති කිහිපයක් තුළදී අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, එතෙක් කිසිදු මැතිවරණයකට නොයන්නැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් ඡුන්ද විමසීම සිදු කිරිමට නියමිතව ඇත්තේ මෙම ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළින් අනතුරුවය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාවට නැංවෙන, ශ‍්‍රීලනිපය බේරා ගැනීමේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ප‍්‍රසාදය හිමිව තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරයට පත්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසුව විමල් වීරවංශ, චම්පික රණවක හා එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි පිරිස්වල පාලනයට පක්‍ෂය යට වී ඇති බවට ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් තුළ බලවත් විරෝධයක් මතුව තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends