Chitika Smowtion 468x60


Monday, April 23, 2012

අපි දෙන්නා පෙම්වතුන් විදියට විතරක් නෙමෙයි සහෝදර සහෝදරියන් විදියටත් රඟපාලා තියෙනවා.


ජනප්‍රිය යොවුන් නළු මේනක රාජපක්ෂ පසුගියදා සිය බිරිඳ විරන්ගි ගෙන් දික්කසාද වූ බව අප මෙයට පෙර ලිපියකින් හෙළි කළා.

නෙහාර පිරිස් ගේ දික් කසාදයෙන් පසු මෙසේ මේනක රාජපක්ෂ දික් කසාද වීමත් "ආදරණී නයගරා"ටෙලි නාට්‍යය අතරතුර නෙහාර - මේනක පෙම් ජවනිකා හේතුවෙනුත් මේනක හා නෙහාරා අතර සම්බන්ධයක් ඇති බව විවිධ මාධ්‍යය ඔස්සේ පළවුනා.

නමුත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් කල මේනක රාජපක්ෂ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

නෙහාරා - 
මේනක සමබන්ධය කට කතාවක් බව පමණක් කියන මෙනකගේ කතාව පහතින් බලන්න

ඔබයි නෙහාරයි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවයි කියන කටකතාව ? 
ඇත්තම කිව්වොත් ඇතැම් මාධ්‍ය හා වෙබ් අඩවි මගෙන් අහන්නේ නැතිව අසත්‍ය ප්‍රචාර පල කළා.ඒවායින් වුනේ මම තවත් ජනප්‍රිය වීම.මිනිස්සු හා මාධ්‍ය මං ගැන නිතරම කතා කළා .ඒ වුනාට නෙහාරා හා මං ගැන කිසිම පදනමක් නැති කතාවක් ගෙතුව ඒක ගැනනම් මගේ හිතේ දුකක් තියෙනවා .


නෙහාරගේ දික්කසාදය නිසා ඔබ දෙදෙනා ගැන තිබුණු කට කතා වලට තටු ලැබුණා නේද? 
පදනම් විරහිත කතා ගැන මගේ අදහසක් නැහැ .පසුගිය කාලේ නිර්මාණ කටයුත්තකට මමයි නෙහාරයි තවත් රංගන ශිල්පීන් පිරිසක් එක්ක විදෙස් ගත වුණා.ඔය වෙලාවේදී ප්‍රචාරය වුනේ අපි දෙන්නා විවාහ වෙන්න රට අතහැරලා ගියා කියලා .ඇත්තම කිව්වොත් ඔය වගේ කතා හදන්නේ වැඩකට නැති මිනිස්සු තමයි. 


නිර්මාණ ඔස්සේ ඔබ දෙදෙනා නිතර දකිනකොට කටකතා වුනත් සනාථ වෙනවා කියලා හිතන අයත් ඇති ? 
අපි දෙන්නා පෙම්වතුන් විදියට විතරක් නෙමෙයි සහෝදර සහෝදරියන් විදියටත් රඟපාලා තියෙනවා.අපි දෙන්නට ජනප්‍රිය සම්මාන හිමිවෙනකොට අධ්‍යක්ෂවරු අපිව නිර්මාණ වලට සම්බන්ධ කරගන්නවා.ඒක වරදක් වෙන්නේ කොහොමද ?එකට රඟපෑවා කියලා ප්‍රේම සම්බන්ධතා හටගන්නේ නැහැනේ.

මම විශ්වාස කරනවා මට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂකයන් ඔය මතයේ නැතිව ඇති කියලා.බොහෝ අය අපේ රංගනය අගය කරනවා.ඒ නිසා ඔය කිසිම ගැටළුවක් මට බලපානේ නැහැ.කටකතා නිසා හිතට පොඩි වේදනාවක් තියෙනවා .එත් ඒවා මට අදාළ වෙන්නේ නැහැ මොකද යතාර්ථය එය නොවන නිසා..
 








Source: http://www.gossip9.com/2012/04/blog-post_8401.html#ixzz1srSdHTZg

Share this article with your friends