Chitika Smowtion 468x60


Monday, April 9, 2012

ගණිකාවක් ලබා නොදුන්නැයි අයිය මලෝ දෙදෙනා පහරදී අහසට වෙඩි තබයි


ලුතිනන්වරයා පූනරීන්...
උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ...

ඇසුරට ගණිකාවක් ලබාදෙන ලෙස ඉල්ලා මහරගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් කිහිපදෙනෙකුට පහරදී අහසට වෙඩිතැබූ බව කියන ලුතිනන්වරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු හා තවත් අයෙකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රමණී කුලරත්න මහත්මිය නියෝග කළාය. 



සැකකරුවන් දෙදෙනා අයිය මලෝ බවද පැවසෙන අතර හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ පිරිස පතිරගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.සැකකාර ලුතිනන්වරයා පූනරීන්හි යුදහමුදා කඳවුරක සේවයේ නියුතු අයෙක් බවත්, උප පොලිස් පරීක්‍ෂකවරයා ගාල්ල ප‍්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක සේවයේ නියුතු අයෙකු බවත් පැවසේ.

මොවුන් මහරගම නගර මධ්‍යයේ කලහ කරන බවට මහරගම පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් හා ඔවුන් සතුව තිබූ පිස්තෝලයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූ මෙම සැකකරුවන් අධික ලෙස බීමතින් සිටි බවද පැවසේ.සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සිය රාජකාරි ගිනිඅවියද රැගෙනවිත් මෙම සිද්ධියට සම්බන්ධවී ඇතැයි හෙළිව තිබේ.

Share this article with your friends