Chitika Smowtion 468x60


Monday, April 9, 2012

ජනපතිට අපහාස කරන ක්‍රීඩාවක් අන්තර්ජාලයේ



එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ ක්‍රීඩාවක් නිර්මාණයකොට අන්තර්ජාලයට මුදාහැර ඇත.

ෆ්ලෑෂ් වර්ගයේ ක්‍රීඩාවක් වන මෙය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට ක්‍රීඩා කල හැක. මෙම ක්‍රීඩාව නම් කොට ඇත්තේ "Show your kolaveri"නමිනි. එහි අරුත වන්නේ "ඔබේ වෛරය පෙන්වන්න" යන්නයි.

මෙම ක්‍රීඩාවේදී ජනපතිගේ අනුරුවක් නිර්මාණයකොට ඇති අතර එයට පහර දීමට විවිධ වදහිංසා ලබාදීමෙන් මරණයට පත්කිරීමට හැකිවන අයුරින් නිර්මාණයකොට ඇත.

ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට මෙවැනි ක්‍රීඩා නිර්මාණය වීම සුලභ දෙයක් වුවත් ලංකාවට මෙය අලුත් අත්දැකීමකි.දේශපාලන වශයෙන් විවිධ මතිමතාන්තර පැවතුනත් රටක් වශයෙන් ගත් කල ජනාධිපතිවරයාට එරෙහිව එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් සිදු කරන මෙම ක්‍රියාව අනුමත කල නොහැක.

මෙම ක්‍රීඩාව අන්තර්ජාලයට එක් කොට ඇත්තේ 123bee.com නමැති ඉන්දියානු වෙබ් අඩවියක් විසිනි.

එම ක්‍රීඩාව වැඩි දුර විස්තර පහතින් බලන්න 



පහත සබැඳියෙන් ගොස් "Report " කිරීම මගින් මෙම ක්‍රීඩාව ඉවත්කිරීමට ඉල්ලුම් කල හැක  
 
 



Source: http://www.gossip9.com/2012/04/blog-post_2946.html#ixzz1rXTXYQt5

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends