Chitika Smowtion 468x60


Monday, April 9, 2012

කුඩු ජාවාරමට අනුග්‍රහය මැති ඇමතිවරුන්ගෙන්

මත්කුඩු සහ නීති විරෝධී මත්පැන් ජාවාරම දිනෙන් දිනම රට තුළ වර්ධනය වෙමින් පවතින අතර මෙම ජාවාරම් කරුවන් බොහෝ විට රකින්නේ මැති ඇමති වරුන් බවත් ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය වගේම විවිධ ආරක්ෂක අංශ වල ආරක්ෂාව ද ලැබෙන බවත් ප්‍රසිද්ධ රහසක්.

මෑතක පොලිස් බුද්ධි අංශය විසින් කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී තිබෙන්නේ මත් කුඩු හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පළාත් පාලන නියෝජිතයන් 50කට අධික පිරිසක් සම්බන්ධ බවයි. 

ඔවුන්ට නායකත්වය දෙන පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් පිළිබඳවද ලේඛණයක් සකස්කර පොලිස් මූලස්ථානයට භාරදී ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා

මෙම ජාවාරම් කරුවන්ගෙන් හඳුනාගෙන ඇති වැඩිම පිරිස අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ ආධාරකරුවන් සිටින බවට තොරතුරු හෙළිකරගෙන තිබෙන අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවන්ද, රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායක අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ ආධාරකරුවන්ද, කළුතර දිස්ත‍්‍රික්කයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද, පුත්තලම දිස්ත‍්‍රික්කයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද ආදී වශයෙන් මැතිඇමැතිවරුන්ගේ ගෝලබාලයන් සිටින බවයි හෙලි වී තිබෙන්නේ.

ඔවුන් විසින් හෙරොයින්, මත් පෙති මෙන්ම ගංජා, අබිං ආදිය තොග වශයෙන් බෙදාහරිමින් සිටින අතර මෙම ආධාරකරුවන්ගෙන් වැඩි පිරිසක් මෙම දේශපාලනඥයන්ගේ නිර්දේශ මත පසුගිය පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලට තරග කර ජයග‍්‍රහණය කළ මහජන නියෝජිතයන් වන අතර තවත් අය එම මහජන නියෝජිතයන්ගේ ඥාතීන්.

බළධාරීන්ට මුවාවෙමින් සිය නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන අය අතර කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව, රත්නපුර නගර සභාව, කොළඹ මහනගර සභාව, සීතාවක ප‍්‍රාදේශීය සභාව, කැලණිය ප‍්‍රාදේශීය සභාව ආදී පළාත් පාලන ආයතනවලට පත්වී ඇති මන්ත‍්‍රීවරු හා එම මන්ත‍්‍රීවරුන්ගේ ඥාතීන් ප්‍රධාන වෙනවා.

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩුදුන් කහවත්ත ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ප‍්‍රබල දේශපාලනඥයාගේ අනුහසින් රත්නපුර මහනගර සභාවට පත්වූ මන්ත‍්‍රීවරයකුගේ පියකු විසින් මුළු දිස්ත‍්‍රික්කයටම ගංජා බෙදාහරින අතර, මේ වනතෙක් ඔහු අත්අඩංගුව ගැනීමට කිසිවකු සමත්වී නැත්තේ එහි දේශපාලන අදිසි හස්තය නිසා බව නොරහසක්.

ඊට අමතරව කළුතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ අනුදැනුම ඇතිව සිදුකරන මත්කුඩු ජාවාරමක් හෙළිදරව් කිරීමට පොලීසිය සමත්වී ඇතත්, එසේ බෙන්තර ඉඳුරුව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ උද්ගලයා ඇමැතිවරයකුගේ ඥාති පුත‍්‍රයකු වන තර ඔහුව වහාම නිදහස් කිරීමට තරම් පොලීසිය ද කාරුණික වී තිබෙනවා. 




Source: http://www.gossip9.com/2012/04/blog-post_9065.html#ixzz1rXM5LAbk

Share this article with your friends