Chitika Smowtion 468x60


Monday, May 28, 2012

බෝට්ටුවකින් පිටරට යන්න සිටි 113 ක් අසුවෙලා

නීති විරෝධී ලෙස ඕස්ටේ්‍රලියාව හෝ විදේශීය රටකට බලා යැවීමට සැලසුම් කර සිටි පුද්ගලයින් 113 දෙනෙක් ගෝල්ෆේස් සහ මීගමුව ප්‍රදේශ වලදී, අත් අඩංගුවට ගෙන තිබේ. අද (28) පාන්දර කොළඹ වංචා විමර්ශන අංශය මගින් කරන ලද විශේෂ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඔස්ටේ්‍රලියාව බලා යැවීමට කටයුතු සංවිධානය කල ඒජන්තවරුන් හය දෙනෙක් ද අත් අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව ඔවුන් බෝට්ටුව තෙක් රැගෙන යමින් තිබූ ලොරියක් සහ ඩොල්පින් වර්ගයේ වෑන් රථ හතක් ද අත් අඩංගුවට ගෙන ඇත.

එක් අයකුගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා ගෙන ඇති
බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් හලාවත, මීගමුව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ප්‍රධාන ජාවාරම්කරු විසින් මුලූ මුදල් ලෙස රුපියල් ලක්ෂ 316 ක මුදලක් ලබා ගෙන ඇති බව අනාවරණය කරගෙන ඇති අතර ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.











Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends