පැය දෙකක් ලයිට් නිවා දමා නිවසේ බලශක්ති ඇමැති විය හැකි යයි සිසුන් ගොනාට අන්දන චම්පිකට අපූරු පැනයක් !
විධිමත් ලෙස බලශක්ති සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් පාසල් ශිෂ්‍ය ප්‍රජාව යොමුකරවීම මගින් ශිෂ්‍යයන්ට නිවසේ බලශක්ති ඇමති බවට පත්විය හැකියැයි විදුලිබල සහ බල ශක්ති ඇමැති ජාතිවාදී චම්පික රණවක මහතා අද පැවසීය.
ඔහු මෙසේ කීවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය මත කලාප අධ්‍යාපන කාර්යාල ආශ්රයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත පාසල් බලශක්ති සංරක්ෂණ වැඩමුළු මාලාවක සමාරම්භක උළෙල අද කොළඹ විශාකා විද්‍යාලයේදී ආරම්භ කරමිනි. මේ සඳහා පාසල් 30 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1000 ක් සහභාගී වූහ.
හතලිස් දෙලක්ෂයක් වන සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාවම තම දායකත්වය ලබාදෙන්නේ නම් රටේ පවතින විසිහය ලක්ෂයක් ශීතකරණ, සවස 6.30 ත් රාත්‍රී 9.30 ත් අතර කාලයේ පැය 02 කට නිවා තැබීම මගින් මෙගාවොට් 215 ක විදුලි ධාරිතාවක් ඉතිරි කරගත හැකියැයිද, ශිෂ්‍යයන් වොට් 60 ක එක් විදුලි බුබුළක් ඒ කාලයේ නිවාදමන්නේ නම් මෙගා වොට් 175 ක ධාරිතාවක් නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ධාරිතාවක් මෙන්ම ඒ සඳහා වැයකරන මුදල්ද ඉතිරි කරගැනීමට හැකිවන බව චම්පික ඇමැති පැවසීය.
සිසුන් ගෙදර ඇමැතිවරුන් යැයි කියමින් ඔහු මෙසේ ශිෂ්‍ය ප්‍රජාව ගොනාට ඇන්දවීමට යයි. මේ දිනවල ඔහු යන යන තැන කියමින් යන්නේ විදුලි බුබුළු නිවාදැමීම සහ ශීතකරන නිවා දැමීම ආදී කාලකන්නි පසුගාමී කතාය. නමුත් ඔහු පෙරදී කීවේ මුළු රටේම ජනතාවට විදුලි බලය දෙනවා පමණක් නොව ඉන්දියාවට ද විදුලි බලය විකිණිය හැකි යයි කියා ය.
කට ඇරියොත් තර්කානුකූල වේශයක් මවමින් අමු බොරු කෙලින ජාතිවාදී රණවක මීට පෙර කියූ එවැනි අපූරු කෙප්පයක් මෙසේය.
යුද්ධයට පෙර සටන් විරාම කාලය පවතිද්දී චම්පික ඊට විරුද්ධව අපූරු කතා කීවේය. ඔහු දිනක් රූපවාහිනී සාකච්ඡාවකට පැමිණ නොර්වේ රාජ්‍යය එල්ටීටීඊය සමග එක්ව ලංකාවේ උතුර නැගෙනහිර අල්ලා ගැනීමට යනවා යැයි ද ඊට හේතුද පැහැදිලි කෙළේය. අනාගත ලෝකයේ ටයිටේනියම් යනු වැදගත්ම බලශක්තියයි. ටයිටේනියම් න්‍යෂ්ඨික ශක්තිය උපද්දවා ගැනීමට අවශ්‍ය මූලික ද්‍රව්‍යයි. මුලතිව් මුහුදු වෙරළේ ටයිටේනියම් මහා විශාල නිධියක් ඇති බවත්, එල්ටීටීඊයට එහි පාලනය බාර දී නොර්වේ කරන්නේ අපේ ටයිටේනියම් ටික නෝර්වේ රටට ගෙනියන බවත් ඔහු කීවේය.
දැන් යුද්ධය අහවර වී ඇත. එල්ටීටීඊය නැත. නෝර්වේත් නැත. මුලතිව් මුහුදු වෙරළ පමණක් නොව සමස්ථ වෙරළම ආණ්ඩුව අතේ පමණක් නොව ගෝඨාභය අතේය. ආශ්චර්යයක් ලෙස බලශක්ති ඇමැතිවරයාද එදා ටයිටේනියම් නිධිය ගැන කී චම්පික රණවකමය. එදා නොර්වේ සොරකම් කරගෙන යනවා යැයි කී ටයිටේනියම් ටික වහාම රැගෙන ලංකාවේ බලශක්ති අර්බුදය විසඳන්නේ නැතිව රටේ ශිෂ්‍යයන්ට ලයිට් නිවන්න යැයි කියමින් රටපුරා කෑ ගසමින් යන්නට චම්පිකට ලැජ්ජා නැතිදැයි ඇසීමට සිදුව තිබේ.
මීලඟ සම්මන්ත්‍රණයේදී 'ඇමැති සිසුන්'ට ඇමැති චම්පිකගෙන් මේ ගැන විමසිය හැක.