Chitika Smowtion 468x60


Monday, May 28, 2012

පී.බී. සහ ෆර්ඩිගේ ගැටුමෙන් අමාත්‍යාංශ කිහිපයක වැඩ ඇණහිටියි


මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සී.එම්. ෆර්ඩිනැන්ඩෝ මහත්වරුන් අතර පවතින දීර්ඝ කාලීන ගැටුම මේවනවිට උච්චස්ථානයකට පත්වීම නිසා අමාත්‍යාංශ කිහිපයකම පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් වාගේ ඇණහිට ඇති බව අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.


පසුගිය දා ජනාධිපතිවරයා හමුවී ඇති ආචාර්ය පී.බී. ජයසුන්දර අවධාරණයෙන් යුතුව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා එම තනතුරින් ඉවත් නොකරන්නේ නම් තමාට වහාම විශ‍්‍රාම ගැනීමට අවශ්‍ය බවයි. නමුත් මෙහිදී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි ගාමිණී සෙනරත් මහතා සහ ජනාධිපතිවරයාගේ අතිශය සමීප දෙමළ කෝටිපති ව්‍යාපාරිකයින් වන සුරේශ් සුබ‍්‍රමනියම් සහ මනිමුත්තු යන අය ඉදිරිපත් වී ඇත. මේ වනවිට ජනාධිපතිවරයා ෆර්ඩිනැන්ඩෝ මහතා සම්බන්ධයෙන් උභතෝකෝටිකයකට මැදි වී සිටී.
සුරේශ් සුබ‍්‍රමනියම් මහතා සහ මනිමුත්තු මහතා කෙතරම් පර්ඩිනැන්ඩෝ මහතාට හිතවත්ද යත් මේ වනවිට ෆර්ඩිනැන්ඩෝ මහතාගේ පුත‍්‍රයාවන අසංග ෆර්ඩිනැන්ඩෝ මහතාට මඟුල් කපුකම්කිරීම පවා මොවුන් දෙදෙනා බාරගෙන ඇත. පසුගියදා ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ශ‍්‍රී ලංකික තරුණියකගේ මවුපියන් හමුවී ඇති මනිමුත්තු මහතා අසංග ෆර්ඩිනැන්ඩෝ මහතාගේ ඕස්ටේ‍්‍රලියාවේ බැංකු ගිණුමේ පමණක් රුපියල් මිලියන 1200කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බව පවසා තිබේ. ඊට අමතරව ඕස්ටේ‍්‍රලියාවේ සිංගප්පූරුවේ සහ පිලිපීනයේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සතුව තිබෙන මිලියන ගණනක් වටිනා සියලූම දේපලවල එකම හිමිකරුවා අසංග ෆර්ඩිනැන්ඩෝ මහතා බව සඳහන් කොට ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ෆර්ඩිනැන්ඩෝ මහතා විදුලි බල අමාත්‍යාංශයට පත් වූ 2006 වසරේ සිට මේ දක්වා සිදු කොට ඇති මහා පරිමාණ දූෂණ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පිළියෙළ කොට ඇති අතර එහි පිටපතක් ජනාධිපතිවරයාටද ලබා දී තිබේ. එම වාර්තාවේ ආයෝජන මණ්ඩල සභාපතිවරයා ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වීමට ගත් අසාර්ථක තැත පිළිබඳවද සඳහන් කොට ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends