Chitika Smowtion 468x60


Monday, May 28, 2012

‘‘අහමඞ් ටී’’ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට !


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තේ අපනයන සමාගමක් වන ‘‘අහමඞ් ටී’’ සමාගම විසින් ආරම්භකිරීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක් පමණ වටිනා තේ ඇසුරුම් කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යන බව තේ නිෂ්පාදකයින්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.


මෙසේ මෙම ආයෝජන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට හේතු වී ඇත්තේ ශ‍්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළම තැනැත්තියක් එම ව්‍යාපෘතිය අනුමත කිරීම සඳහා ඩොලර් මිලියන හතරක අල්ලසක් ඉල්ලා සිටීම බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. එකී තැනැත්තිය ‘‘අහමඞ් ටී’’ සමාගමේ නිලධාරීන්ට පවසා ඇත්තේ සාමාන්‍ය ක‍්‍රියා පටිපාටිය යටතේ කලවම් තේ (බ්ලෙන්ඩඞ් ටී) ඇසුරම් කිරීම සඳහා අනුමැතිය ලබා දිය නොහැකි බවත් ඒ සඳහා විශේෂ අනුමැතියක් ලබාගැනීමට නම් ඩොලර් මිලියන හතරක් ඒ සඳහා ගෙවිය යුතු බවත්ය.
මේ හේතුව නිසා ශ‍්‍රී ලංකාවේ ව්‍යාපෘතිය අවලංගු කළ ‘‘අහමඞ් ටී’’ සමාගම මේවනවිට තම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකරමින් පවතී.

Source - lankanewsweb.com

Share this article with your friends