Chitika Smowtion 468x60


Monday, May 28, 2012

තෙවන ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ....


ගෝල්අප් (Gallup) සමීක්ෂණයට අනුව ආසියාවේ තෙවෙනි ජනප්‍රියම නායකයා වීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වී තිබෙනවා.

ඇමරිකාවේ සමීක්ෂණ සමාගමක් වන ගෝල්අප් (Gallup) සමාගම විසින් මෙම සමීක්ෂණය කර ඇති අතර මේ සඳහා ආසියාවේ රටවල් 21 ක් තෝරා ගැනුනා.

එහිදී ශ්‍රී ලාංකිකයින් 91% ක් මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ට කැමත්ත ප්‍රකාශ කර ඇති අතර 6% ක් එම වැඩ පිළිවෙල ට අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. තවත් 3% ක් ඒ පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.


මෙම සමීක්ෂණයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ ලාඕසයේ චෞමලී සෙයිග්නසන් ජනාධිපතිවරයායි. ඔහුගේ වැඩසටහන සඳහා ලාඕස වැසියන්ගෙන් 97% ක් කැමැත්ත පල කර තිබෙනවා.  දෙවන ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජනතා ප්‍රසාදය 93% ක් ලබාගනිමින් කාම්බෝජයේ හුන් සෙන් අගමැති වරයායි.

සිංගප්පූරුවේ ලී ලුන්ග් අගමැති වරයා මෙම සමීක්ෂණයේ සිව් වන ස්ථානය ලබාගෙන ඇති අතර පස්වන ස්ථානය ලබාගෙන ඇති බවට වාර්තා වන්නේ පිලිපීනයේ බෙනිග්නෝ අකිනෝ III ජනාධිපතිවරයා යි.

එහෙත් ආසියාවේ ප්‍රභලයෙක් වන ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං ට ලැබී ඇත්තේ 11 වන ස්ථානයයි. ජපාන අගමැති යොෂිහිකෝ නෝවා අගමැති වරයා 15 වන තැනටත් දකුණු කොරියා ජනාධිපති ලී මයුන් බක් 17 වන ස්ථානයට තේරී පත් උනා.

මෙම රටවල් 21න් 21 වන ස්ථාය හිමි වී තිබෙන්නේ පකිස්ථානයේ ජගමැති අසීෆ් අල් සර්කාරී හටයි. ඔහු ක්‍රියාත්මක කරන වැඩසටහනට එරට ජනයාගෙන් කැමැත්ත පල කර තිබෙන්නේ 20% ක් පමණයි. 77% ක් දෙනා අකැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.










Source: http://www.gossip9.com/2012/05/blog-post_9769.html#ixzz1wBDsfe9D

Share this article with your friends