Chitika Smowtion 468x60


Monday, May 28, 2012

දුනේෂ් ගන්කන්දට එරෙහිව ක්‍රියාත්මක කළ නීතිය සුදර්මන් රදලියගොඩ ලඟ බලූ වුනේ ඇයි?

ව්‍යාපාරික පුද්ගලයෙකුට පහරදී නාසය සපා කෑමේ ගෝරියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද අද පෙරවරුවේ කොල්ලූපිටිය පොලිසිය වෙත භාර වී තිබේ. 

මන්ත්‍රීවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් භාර වී ඇත. පෙරේදා රාත්‍රියේකොළඹ සමාජ ශාලාවකදී පොරොන්දු ඉටු නොකළ 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට පහරදී නාසය සපා කෑ බවටද මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබිණ. පොලිසිය වෙත බාර වූ මන්ත්‍රීවරයා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් පොලීසිය මහත් උනන්දුවෙන් ක්‍රියාකළ ආකාරයට යකඩ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු පවා නිකුත් කර ඇති සුධර්මන් රදලියගොඩ වැනි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුද නොවන සංවිධායකවරයෙක් පමණක් වන පුද්ගලයෙක් වෙනුවෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි යන්නට පිළිතුරු දිය යුතුය. වරෙන්තුකාර සුධර්මන් රදලියගොඩ මාධ්‍ය වැඩසටහන් සඳහාද ඉදිරිපත් වෙමින් අපූරුවට ජීවත් වේ. පොලීසියත් අධිකරණයත් දෙකම යකඩ හොරෙකුට බලූ වී සිටීම ගැන ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටිති.








Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends