මෙරට මහමාර්ග පද්ධතියේ කම්කරු කටයුතු වෙනුවෙන් ඉහළ පොලී ප්‍රතිශතයක් යටතේ විදේශය මූල්‍ය ආයතන වලින් අධික ලෙස ණය ලබා ගන්නා සන්ධාන ආණ්ඩුව, රුපියල් කෝටි 130ක මුදලක් වැයකරමින් මාලදිවයිනේ මහාමාර්ගයක් ඉදිකිරීමට සුදානම් වේ.
2011 වසරේ මාලදිවයිනේ පැවති සාක්සමුළුව වෙනුවෙන් මාලදිවයින් රජය වෙත පරිත්‍යාග කිරීමට එකඟ වූ ඇස්ෆෝල් කොන්ක්‍රීට් වර්ගයේ මෙම මාර්ගය දිගින් කිලෝ මීටර් 4.8කි.
පසුගිය මාර්තු 22 දා වරාය හා මාහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට සම්මත කරවා ගෙන ඇත. අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව 2011 නොවැම්බරයේදී සාක් සමුළුව සඳහා සූදානම් වී සිටි මාලදිවයින් ආණ්ඩු එරට Sunset Bridge වෙතින් ආරම්භ වීAddu දූපතේහි Maradhoo සහ Feyvhoo හරහා දිවෙන කිලෝ මීටර් 4.8 ඇති මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය ඉල්ලා ඇත. ඒ අනුව 2011 සැප්තැම්බර් 21වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ මාර්ගයේ ඉදිකිරීම් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 10ක ප්රදානය ලබා දීම සඳහා වන ගිවිසුම් වලට මුලික අනුමැතිය ලබා දී ඇත.
මංත්‍රීරු දෙකකින් යුතු මෙම මාර්ගය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව පවරා දී ඇත්තේ ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝල්ට්හියම් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගමකටය. එම සමාගම සඳහා සිදුකරන සාකච්ඡාවලින් අනතුරුව අදාළ මුදල ඉදිකිරීම් කටයුතු සඳහා මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
Source : lankanewsweb.com