මේ මස 21වන දිනට යොදා ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ යළිත් වතාවක් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්කාර්යල ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
මීට පෙර කිහිප අවස්ථාවකදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා සියලූ කටයුතු සූදානම් කර තිබුණද පවුලේ අභ්‍යන්තර ගැටුම් හා ජෝතිශවේදීන්ගේ උපදෙස් මත ඒ සෑම අවස්ථාවකදීම කල් දැම්මේය.
මෙවර කැබිනට් සංශෝධනයේ දී සියලූම දිස්ත්‍රික්කයන්හි සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැඛෙන ආකාරයෙන් අමාත්‍ය ධූරයක් නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද හදිස්සියේම අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් දැමුවේ කුමන හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
Source - lankanewsweb.com