දිගින් දිගටම එල්ල වන ජනතා චෝදනා හමුවේ අගවිනිසුරු සැමියා හා මහ බැංකු අධිපති සුසංයෝගයෙන් සිදු කළ කොළඹ කොටස් වෙළෙඳ පොලේ නීත්‍යාණුකූල වෙසින් සිදුවූ හොර ගණු-දෙනුවක් අවලංගු කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ආණ්ඩුවේ ටෙලිකොම් සභාපති හා මුදල් මණ්ඩල සාමාජික නිමල් වෙල්ගම ට අයත් උපාලි පුවත් පත් සමාගම විසින් පළ කරන ද අයිලන්ඩ් පුවත් පත අද වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශ්‍රියානි බණ්ඩාරණායකගේ සැමියා වූ ජාතික ඉතිරිකිරිමේ බැංකු සභාපති ප්‍රසාද් කාරියවසම්ගේ සෘජු මැදිහත්වීමෙන් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් වැඩි මිලකට තෝරාගත් කොටස් වෙළෙඳ පොළ ජාවාරම්කාර පාර්ශවයන්ගෙන් මිලදී ගනිමින් සිදු කළ මේ අත යට හොර ගණු-දෙනුව පිළිබඳව මුල් වරට 'ලංකා ඊ නිවුස්' මගින් හෙළි කිරිමත් සමගම එය රට තුල ඉමහත් කැළඹීමකට පත් වු කරුණක් වූ අතර ඒ අනුව ආණ්ඩුවට පක්ෂ විපක්ෂ බලවේග හා ජනමාධ්‍ය එයට එරෙහිව දැවැන්ත හ`ඩක් නැගූහ.
මෙම විරෝධතා හමුවේ ජාතික ඉතිරිකිරිමේ බැංකුව විසින් අදාල හොර ගණු-දෙනුවට අදාල මුදල් ගෙවීම මේ දක්වා සිදු ව නැති අතර (කොටස් වෙළෙඳ පොළ නීති රීති අනුව අදාල ගණු-දෙනුව සිදු වු දිනට පසු වෙළෙඳ පොළ විවෘතව ඇති දින 03 ක් ඇතුළත අදාල පියවීම් කළ යුතු වේ) ඒ අනුව අදාල ගණු-දෙනුව මුදල් නොගෙවීම් මත ඉබේටම අවලංගු වී යාමට කටයුතු යෙදීමට ජාතික ඉතිරිකිරිමේ බැංකුව විසින් කටයුතු කර ඇතැයි තැරුව්කාර ආයතන ආරංචි මාර්ග පවසයි. ඉබේම අවලංගු වන ගනුදෙනුවක් අවලංගු කරන්නැයි විශේෂයෙන් ජනාධිපති කීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
මේ අතරේ මෙම හොර ගණු-දෙනුවේ භාරකාර බැංකුව ලෙස ක්‍රියා කල සම්පත් බැංකුව අදාල පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් ගෙවීම් සිදු කළත් ජාතික ඉතිරිකිරිමේ බැංකුව සම්පත් බැංකුවට මුදල් බැර නොකිරීම නිසා ඔවුන් අපහසුතාවයකට පත්ව ඇති බවද වාර්තා වේ.
පාඩු ලබන 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටස් වෙළඳ පොළ මිලට වැඩියෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථීක න්‍යායාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ වෙළඳ පොළ මිලට වඩා සියයට 65 ක් පමණ මිල වැඩියෙන් 'ද ෆිනෑන්ස් සමාගමේ' කොටස් මිලියන 08 ක් පමණ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මිලදී ගැනීම ප්‍රශ්නකාරී බවයි. රුපියල් 30.00 කට කොළඹ කොටස් වෙළඳ පොළේ 'ද ෆිනෑන්ස්' කොටස් අලෙවි වනවිට රුපියල් 49.74 ක් ගෙවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව එම කොටස් මිලදී ගත්තේ කුමන තාර්කික පදනමක සිටදැයි හෙතෙම ප්‍රශ්න කරයි.
පසුගිය සිකුරාදා සිදු වු මෙම හොර ගණු-දෙනුව අනුව ශ්‍රී ලංකාවේ පැරණිතම මුල්‍ය සමාගම වූ 'ද ෆිනෑන්ස්' සමාගමේ සියයට 13.02 ක මුළු ප්‍රාග්ධන අයිතියට සමාන කොටස් 7,863,362 ක් රුපියල් 49.74 සාමාන්‍ය මිලකට ජාතික ඉතිරිකිරිමේ බැංකුව විසින් මිලදී ගත්තේය.
මේ නිසා, මේ පිළිබඳව බැංකුවේ සභාපති, සාමාන්‍යාධිකාරි විසින් නිසි පිළිතුරු දිය යුතුව ඇතැයිද හෙතෙම පවසයි.
මේ අතරේ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව මෙම හොර ගණු-දෙනුව සිදු කල බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරයට අයත් තැබෝපෙන් කොටස් තැරැව්කාර ආයතනයටත් මෙම ගණු-දෙනුවෙන් වැඩිම ප්‍රතිලාභය ලද එහි ප්‍රධාන විධායක ඩිනාල් විෙජ්මාන්න නැමැත්තා හා රේනෝ සිල්වා ටත් එරෙහිව ගත හැකි පියවර සම්බන්ධයෙන්ද මේ වන විට සලකා බලමින් පවතින බව වාර්තා වේ.
මෙම ඩිනාල් විෙජ්මාන්න යනු ශ්‍රී ලංකාවේ කීර්තිමත් බාට්ලීට් ව්‍යාපාර සමුහයේ නිර්මාතෘ මැලරි ඊ විෙජ්සිංහගේ සමීපතම ඥාතියෙකු වන අතර හෙතෙම පසුගිය කාලයේ කොටස් වෙළෙඳ පොළ ජාවාරම් මගින් විශාල ආදායම් ඉපයූවෙකු බව සැවොම දන්නා කරුණකි.
ශ්‍රී ලංකා සූරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙකු වු මලික් කාදර් නැමැති තමාගේ හිතවතා අදාල තනතුරට ගෙන ඒමටද ඩිනාල් මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර ඒ අනුව මලික් කාදර් අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරු කාලය තුල ඩිනාල් ගේ මෙම තැබෝපෙන් තැරුවිකාර සමාගමට හිතකර තීන්දු තීරණ ගණනාවක් දී ඇති බවද වාර්තා වේ. එලෙසම මලික් කාදර් අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දරන කාලය තුලම හෙතෙම ඩිනාල් සමග එක්ව පාසිකුඩා හි තරු පංතියේ හෝටලයකට අත්තිවාරම් දැමු අතර එහි ගෘහ නිර්මාණ කටයුතු සිදු කරන ලද්දේද මලික් කාදර්ගේ මාමණ්ඩිය බවද දැන ගන්නට ඇත. දැන් එම හෝටලයේ වැඩ නිමවා ඇති අතර පසුගිය දිනවල මලික් කාදර් සිය පවුල සමග අජිත් දේවසුරේන්ද්‍ර, හා ඩිනාල් විෙජ්මාන්න පාසිකුඩා වෙරෙළේ විවේක සුවයෙන් සිටි බවද ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැක ඇත.
හොඳට හම්බ කර ගත් පසු රාජ්‍ය සේවයෙන් ඉවත් වූ මෙම මලික් කාදර් පූර්ණ කාලීනව ඩිනාල් සමග එක්ව විවිධ ව්‍යාපාරික කටයුතු වල නිරත වන අතර එහි ප්‍රමුඛතම කාර්යය වී ඇත්තේ කුප්‍රකට ව්‍යාපාරික අනුර ප්‍රනාන්දු, අජිත් දේවසුරේන්ද්‍ර හා එක්ව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අනුදැනුම මත රාජ්‍ය අංශයේ අරමුදල් යොදා කොටස් ජාවාරමේ යෙදීම බව මේ වන හෙළි වී තිබේ. කබ්රාල් සහ අනුර ප්‍රනාන්දු එක්ව සිදුකරන කුප්‍රකට ජාවාරම් මෙසේය.
මිට මාස කිහිපයකට පෙර 'ලාෆ් සමාගමේ' කොටස් රැපියල් 48 වැනි ඉහළ අගයකට සේවක අර්ථ සාධක අරමුදලේ මුදලින් මිලදී ගැනීමට ලාෆ් සභාපති වරයා කෙළේ අනුර ප්‍රනාන්දු හරහා මහ බැංකු අධිපති කබ්රාල්ට සංතෝෂම් ලබා දී ඔහු පොළඹවා ගැනීම අද නොදන්නා කෙනෙක් නැත.
ඩිනාල් විෙජ්මාන්න පසුගියදා රුපියල් 50 ක් වැනි අධික මිලකට ජාතික ඉතිරිකිරිමේ බැංකුවට විකුණු ද ෆිනෑන්ස් සමාගමේ ඔහු සතු කොටස් වලින් බහුතරයක සැබෑ හිමිකරුවා වූයේ ද ෆිනෑන්ස් හි අධ්‍යක්ෂවරයෙකුව සිටි අනුර ප්‍රනාන්දු නැමැත්තා ය. අජිත් නිවාඩ් ලෙස්ලි කබ්රාල් මහ බැංකු අධිපති වීමට පෙර නීති විරෝධී කුප්‍රකට පිරමිඩ් ජාවරමට සම්බන්ධ වූ අයෙකි. පිරමිඩ් ජාවාරමට කබ්රාල්ව රැගෙන ආවේ ද මෙම අනුර ප්‍රනාන්දු ය. වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකු වුවද මෙම පිරමිඩ ජාවරමිකරුවන්ගේ වහසි බවට රැවටුනු කබ්රාල් තමන්ට මහ බැංකු අධිපතිකම ලද පසු කළේ පිරමිඩ ජාවාරම් සම්බන්ධයෙන් එතෙක් මහ බැංකුවේ තිබු විශේෂ ඒකකය විසුරුවා හැරීමය. නරියා කුකුල්ලූ බාර ගත්තේ එසේය.
එතැන් පටන් රජයේ අරමුදල් හා බැංකු මුල්‍ය ආයතන වල අරමුදල් නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තමන්ට රිසි සේ හසුරුවන වත්මන් මහ බැංකු අධිපති කබ්රාල් ඒවායින් ලැඛෙන කොමිස් මුදල් තමන්ගේ වත්කම් තර කිරීමට සහ රාජපක්ෂ රෙජීමයේ අරමුදල් තර කිරීමටත් යොදවයි. මෙසේ අයථා අයුරින් ඉපැයූ මුදල් වලින් කොටසක් පසුගියදා පොදු රද මඩුළු ක්‍රීඩා උළෙල ලබා ගැනීමට අල්ලස් වශයෙන් ලබා දීමට තවත් කොටස් වෙළෙඳ පොළ ජාවාරම් කරුවෙකු වූ පෑන් ඒෂීයා බැංකු සභාපති නිමල් පෙරේරා අතට පත් කළ බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂම් සභාවේ නියාමන රෙගුලාසි ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරමින් කටයුතු කරන මෙම නිමල් පෙරේරා නැමැත්තාට පෑන් ඒෂියා බැංකුවේ සභාපති පුටුව ලබා දීමද තවත් හාස්‍යජනක සිද්ධියකි. ඔහු වරක් මුදල් අක්‍රමිකතා මත පෑන් ඒෂියා බැංකුවේ සේවයෙන් ඉවත් කිරිමට එහි ප්‍රධාන විධායක නිළධාරියෙකු වූ දයා මුතුකුමාරණ කටයුතු කර තිබිණ. මෙසේ සේවයෙන් පහ කරනු ලැබු නිමල් පෙරේරා අවසානයේ එවකට සමෘද්ධි ඇමතිවරයා වු එස්.බී දිසානායක හරහා සමෘද්ධි අරමුදල් බැංකුවේ ප්‍රාග්ධනයට යෙදීමට කැමති කරවාගෙන බැංකුවේ පාලනයට අත පොවා තමා සේවයෙන් ඉවත් කල දයා මුතුකුමාරණගේ ද සේවය අවසන් කිරීමට පියවර ගත්තේය. පසුව කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධමිමික පෙරේරා හා එක්ව පෑන් එ'ෂියා බැංකුවේ පාලනය සියතට ගනී.
මෑත ඉතිහාසයේ කොටස් ජාවාරම් වලින් වැඩිම මුදල් හම්බ කල පුද්ගලයා වන්නේ මෙම නිමල් පෙරේරා ය. ඔහුගේ වංචා නිසාම වැඩිම වාර ගණනක් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරීම් වලට ලක්ව ඇත. මෙම පරීක්ෂණ වලින් මග හැරීමට රාජපක්ෂ පුතුන් සරණ යන නිමල් පෙරේරා මේ වන විට නාමල් හා යෝෂිතට ඇරන්ගා තැරුව්කාර සමාගම හරහා කොටස් වෙළෙඳ පොළ ආයෝජන සිද්ධාන්ත උගන්වමින් සිටී.
මේ සියළු වංචාවන්ට මුදල් ඇමැති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ වග කිව යුතුය. මන්ද යත් මෙම තනතුරු වලට මොවුන් පත් කර ඇත්තේ ඔහු නිසාය.
මෙහි දැක්වූයේ සිරි-ලංකාවේ ජනාධිපති, අගවිනිසුරු, මහ බැංකු අධිපති ආදී සියල්ලෝම එක්ව රටේ සම්පත් සූරාකන ආකාරයෙන් බිඳක් පමණි.