Chitika Smowtion 468x60


Saturday, May 5, 2012

ජෙනරාල්ට ආරක්ෂාව දෙන්න බෑ: බන්ධනාගාර කොමසාරිස් කියයි

නවලෝක රොහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහාතාට ආරක්ෂාව ලබාදිය නොහැකි යැයි බන්ධනාගාර කොමසාරිස් අශෝක හපුආරච්චි මහතා ඊයේ (04) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ට දැන්වීය.

යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීම යන චෝදනාව යටතේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස්වරයා මේ බව දැන්වීය

ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන්නේ නම් ආරක්ෂාව ලබාදිය හැකි බවද බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.
නවලෝක රෝහලට පැමිණෙන පිරිස සීමා කල නොහැකි බවත්, එම රෝහලට ඇතුළුවීමට දොරටු කිහිපයක් ඇති බවත් පැවසූ බන්ධනාගාර කොමසාරිස්වරයා එබැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි බව පැවසීය.

ජාතික රෝහලට ද ඇතුළුවීමට බොහෝ දොරටු ඇති බව කොමසාරිස්වරයා නොදැනීම පුදුමයකි.

මේ අතර නවලෝක රෝහලේ සිටින තම ස්වාමියා බැලීමට යාමට පවා බන්ධනාගාර ආරක්ෂකයන්ගෙන් බාධා ඇති බව පසුගියදා අනෝමා ෆොන්සේකා මහත්මිය චෝදනා කර තිබින.



Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends