කිරි ලීටර් 20,000 ක් මෙසේ කිරි විනාශ කිරීමේ නාට්‍යයේ අධ්‍යකෂකවරුන් වන්නේ ද මරා රෙජීමය ම බවත් කිරි විනාශ කිරීමට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දීමෙන් පසු පිටිකිරි මිල වැඩි කිරීම මහජනතාවට සාධාරණීය කිරීම එම උපාය වූ බවත් දැන ගන්නට ඇත.
මරා රෙජීමයේ උපායේ තිර නාටක රචකයෙකු වන කිලී මහාරාජා (ඔවුන්ද පිටිකිරි ආනයනය කරන්නවුන්ය) තම මාධ්‍ය ආයතනය හරහා කිරි විනාශ කිරීම ප්‍රධාන සහ දෙවන පුවත ලෙස විකාශය කළද ඊයේ කිරිපිිටි මිළ වැඩි කිරීමේ පුවත ගෙන හැර පෑවේ කාලගුණ පුවත සහ ක්‍රීඩා පුවතට ද පසු සුළු ප්‍රවෘත්තියක් විලසට ය.
මහාරාජා කොතරම් ආණ්ඩුවට කඩේ යන්නේ ද කිවහොත් ආණ්ඩුවේ නාලිකා පවා සිය දෙවන හෝ තුන්වන ප්‍රවෘත්තිය ලෙස මේ රටේ මුළුමහත් ජනතාවකටම බලපාන කිරිපිටි මිල වැඩි කිරීමේ ප්‍රවෘත්තිය ගත්තද සිරස ඊට දුන්නේ පෙර කී ලෙස අවසන් අවස්ථාව ය. නමුත් ඔවුන් දියර කිරි විනාශ කරන ප්‍රවෘත්තියට මුල් තැන දුන්නා පමණක් නොව ඒ ගැන බ්රේකිං නිව්ස් ද ප්‍රචාරය කෙළේය.
මෙමගින් මරාණ්ඩුව හුවා දක්වන්නට හැදුවේ කිරිපිට මිල වැඩි කරන්නේ දේශීය කිරි ගොවියා රැක ගන්නටය යන දේශප්‍රේමී මිත්‍යාව ය. ඊයේ කැබිනට් ප්‍රකාශකයා කීවේ සියළුම දියර කිරි මිලදී ගන්නට රජය සූදානම් බව වුවත් රජයට ඇති එකම කිරිපිටි සමාගම වන මිල්කෝ ආයතනය පවසන්නේ තමන්ට කිරි මිලදී ගත හැකි වුවත් ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර නොමැති බවය. දැනට භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර වසර 50 ක් පැරණි ඒවා වන බවත් ඒවා යළි නවීකරණය කිරීමට ද වසර 2 කට වැඩි කාලයක් ගත වන බවද ඔවුහු පවසති.
මරාගේ තිර නාටක රචනයේ තවත් ඉත්තෙක් ලෙස ක්‍රියා කෙළේ ජාතික හෙළ උරුමයේ චීවරධාරී රතන මන්ත්‍රීවරයා සහ සට්ටැඹියා වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ය. කිරිපිටි මිල වැඩි කිරීමේ කස කාර සේවය ලෙස කිරි ගොවියාගේ ප්‍රශ්නයක් රැගෙන කාලයකට පසුව මන්ත්‍රී රතන ද පෙරේදා කරලියට බැස්සේ ද මෙම කුමන්ත්‍රණයේම කොටසක් ලෙසය.
මේ අනුව මරාණ්ඩුව, හෙංචයියෝ සහ ඔවුන්ට කෙඩි යන මාධ්‍යයද වෙසක් දිනට කලින් දිනයේදී මහජනතාවගේ දරුවාගේ කිරිපිටි පැකට්ටුවේ මිල වැඩි කළාට අමතරව මහජනයා නින්දිත ලෙස රවටා තිබේ.