Chitika Smowtion 468x60


Saturday, May 5, 2012

ඇමති නිමල්ට එරෙහිව ක්ෂේණුකා ජනපතිට ගතු කියයි


විදේශ කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න මහත්මිය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ජනාධිපතිවරයා ඉදිරියේ කරුණු රාශියක් හෙළිදරව් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. පසුගිය සතියේ මිය ගිය ගුවන් හමුදාපතිවරයාගේ පියාණන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා පැමිණ සිටින අවස්ථාවේදී ක්ෂේණුකා මහත්මිය එම තොරතුරු පවසා ඇත.


ජනාධිපතිවරයා ගුවන් හමුදාපතිවරයාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඒ අසල අසුන්ගෙන පවුලේ ඥාතීන් සමඟ සුහද කතාබහකයෙදී තිබේ. මොහොතකින් හමුදා ප්‍රධානීන් කිහිපදෙනකුද ජනාධිපතිවරයා අසල අසුන් ගෙන සුහද කතාබහකයෙදී ඇත. එම අවස්ථාවේ ඒ අසලට කිහිපවරක් පැමිණ ඇති ක්ෂේණුකා මහත්මිය ජනාධිපතිවරයාට පෙනෙන සේ ඒ අසල සක්මන් කරමින් සිට ඇත. එහෙත් ජනාධිපතිවරයා ඇයව නුදුටුවාසේ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡාවේ යෙදී ඇත. තව මොහොතක් ජනාධිපතිවරයාට පෙනෙන සේ ඒ අසලටම ඇය පැමිණි නමුත් ජනාධිපතිවරයා එවරද ඇයව මායිම් කොට නැත. ඇය කුමක් හෝ කීමට දඟලන ආකාරය අවට පිරිස් වලටද නිරීක්ෂණ වී ඇත.
ඇගේ බැල්මට හෝ හැසිරීමට ජනාධිපතිවරයාට කිසිදු අනුකූලතාවයක් නොලැබුණු හෙයින් ඇය එකවරම ජනාධිපතිවරයාගේ පා මුලට ගොස් 'මර්වින් පන්නයෙන්' දෙකටනැමී, ''සර්, නිමල් ඇමතිතුමා ඉන්දියන් ඩෙලිග්‍රේෂන් එකට සර්ව පාවලා දුන්නා. සර් කවදාවත් 13 ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ කියලා නිමල් ඇමතිතුමා ඉන්දියන්කාරයින්ට කිව්වා.'' යැයි එකවර ප්‍රකාශ කර තිබේ.
ඇයට ජනාධිපතිවරයා සමඟ කතා කිරීමට ඉඩ සලසා, ජනාධිපතිවරයා අසලසිටි හමුදා ප්‍රධානී තම අසුන්වලින් නැගිට ගොස් තිබේ. අනතුරුව ඇය විසින් පැවසූ කරුණු අසා සිටි ජනාධිපතිවරයා, ඇය කී කරුණු මායිම් නොකරන ආකාරයක් පෙන්වමින් අසුනෙන් නැගිට අවමඟල් නිවසේ සිටි ඥාතීන්ට ආචාර කරමින් වහාම පිටව ගොස් තිබේ. රජයේ දෙවන පෙළ නිලධාරිනියක වූ ක්ෂේණුකා මහත්මිය එම මොහොතේ හැසිරුණු ආකාරය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ අප්‍රසාදයට හේතු වී තිබේ.
කෙසේ වුවද ක්ෂේණුකා සෙනවිරත්න මහත්මිය, සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමඟ එක් වී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා සහ ජිනීවාහී ශ්‍රී ලංකා තානාපතිනි තමාරා මහත්මිය එළවා දැමීමට පසුගිය සති කිහිපය තුළ උත්සාහ කළ ද දයාන් එළවීමේ උත්සාහය මේ වනවිට අසාර්ථක වී ඇතැයි අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ ආරාධනයෙන්, පසුගිය සතියේ දිවයිනට පැමිණි දයාන් ජයතිලක මහතා ජනාධිපතිවරයා සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්වෙමින් ක්ෂේණුකා සෙනවිරත්න මහත්මියගේ වංචා දූෂණ රැසක් හෙළිදරව් කර තිබේ. ක්ෂේණුකා මහත්මිය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙසත්, ජිනීවා හි තානාපතිනිය ලෙසත් කටයුතු කළ වකවානුවේදී සිදුකර තිබූ වංචනික ක්‍රියා රැසක් පිළිබඳව තොරතුරු ලිපි ගොනු සහතිව ජනාධිපතිවරයාගේ අවදානයට යොමු කර ඇති ජයතිලක මහතා, ක්ෂේණුකාගේ සැමියා එල්ටීටීඊයට හිතවත් ව්‍යාපාරිකයන් සමඟ කූට ජාවාරම්වල යෙදුණු ආකාරය පැහැදිලි කර ඇත.
දයාන්ගේ පැහැදිලිකිරීම් හොඳින් අසා සිටි ජනාධිපතිවරයා, ''ඔයා කලබලවෙන්න එපා ඔය එක එක නැට්ටිච්චියන්ට ඕන විදිහට මම වැඩ කරන්නේ නෑ. මටත් ඔය ගෑනි දැන් හිසරඳයක්වෙලා තියෙන්නේ'' යැයිද පවසා ඇත.

Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends