Chitika Smowtion 468x60


Friday, May 4, 2012

ඇමතිවරුන් 4කට එරෙහිව පොලිස් පරීක්ෂණ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය මත ඇමතිවරුන් තිදෙනෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට එරෙහි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ජෝන් සෙනවිරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලූත්ගමගේ යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධණ මහතා සම්බන්ධයෙන් එසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා සහ රෝහිත අබේගුණවර්ධන නියෝජ්‍ය අමතා්‍යවරයා ජනාධිපතිවරයාගේ සමීපතම ගෝලයින් වුවද ඔවුන් දෙදෙනා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පවරන ලද රාජකාරී කිහිපයක් පැහැර හැරීම ජනාධිපතිවරයාගේ නොසතුටට හේතු වී තිබේ.
මෙම ඇමතිවරුන් පිළිබඳව සොයා බැලීම ජනාධිපතිවරයා විසින් පවරනු ලබනු ලැබ ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා වෙතය. මෙම ඇමතිවරුන්ට බලපෑම් කොට යළි තමන්ට අවනත කර ගැනීමට ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව බව ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු අප වෙත පැවසීය. මෙම කාරනයට අදාළ වූ ප්‍රවෘත්තියක් ජනාධිපතිවරයාගේ නියමය මත පසුගියදා රිවිර පුවත්පතේ පළ කර තිබිණ.

Source - lankanewsweb.com

Share this article with your friends