
අමල්ගේ දෑස් අත්පා බැඳ මෙම පාපොච්චාරණය ලබාගෙන තිබූ බව එය දුටුවෙක් අපත් සමග පැවසීය.
පසුව දුරකතනයේ අනෙක් අන්තයේ සිටි ආරක්‍ෂක ලේකම්වරයා ‘මූගෙන් මාර නිවස් ටිකක් ආවා, රෙකෝඩ් එකත් තියෙනවා, ඔ්නනම් මම අරන් එන්නම්, ආවයින් පස්සෙ කියන්නකෝ මොකද කරන්න ඔ්න කියල’ යනුවෙන් පවසා තිබේ.
පසුව පැය භාගයකටත් වඩා අඩු කාලයකදී ආරක්‍ෂක ලේකම්වරයා අදාල වීඩියෝ තැටියද රැුගෙන පැමිණඇත.
පසුව ජනපතිවරයා වටේ සිටි පිරිසෙන් කිහිපදෙනෙකු රැුගෙන විසිත්තකාමරයට ගොස් ජනාධිපතිවරයා මෙම වීඩියෝ තැටිය නැරඹීම ආරම්භකර තිබේ.
අත්දෙක පිටුපසට කර ද දෑස් ද බඳින ලද පුද්ගලයකුගේ රූපයක් මුලින්ම රූපවාහිනී තිරයේ මතුව තිබේ. පසුව ඔහු ගේ මුහුණ ආසන්නයටම ගන්නා ලද රූපරාමුවක් දිස්ව ඇති අතර එම රූප රාමුවත් සමග ඔහුගේ හඬ අවදිවී ඇත.
‘මම අමල් රොද‍්‍රිගු, මර්වින් ඇමති තුමාගේ සම්බන්ධීකරන ලේකම්.. කැලණියේ පදිංචි වෙලා ඉන්නේ.. මම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ගොඩක් වැඩ කරපු කෙනෙක්. කොටින්ම මහින්ද මහත්තයගෙ ජයග‍්‍රහණයටත් ගොඩක් උදව් කළා.’ යනුවෙන් දීර්ඝව පාපොච්චාරණය කරගෙන ගොස් තිබේ.
පසුව ටිකකින් ‘ඇයි මට මෙහෙම කරන්නේ. මම ඇමතිතුමා කියන කියන දේ කරා. මට ඇමතිතුමා කිවුව ජනධිපති තුමාට අර........යොවුන් නිළියව ඕන කියල, මම රුපියල් පනස්දාහක්ම වියදම් කරල එයාව ජනාධිපති තුමාට ගෙනත් දුන්න. එහෙම කරපු මටනෙ මෙහෙම කරන්නේ’ යනුවෙන් අමල් කියාගෙන යද්දී පුටුවෙන් නැගී සිටි මහින්ද රාජපක්‍ෂ මහතා ඕක වහපන් යනුවෙන් කෑ ගසාගෙන විසිත්ත කාමරයෙන් පිටව ගොස් ඇත.
ටික මොහොතකට පසුව වීඩියෝ තැටියද රැුගෙන ගෝඨාභය මහතාද හීන් සීරුවේ තම කාර්යාලය වෙත ගිය බව වාර්තා වේ.
Source - lankanewsweb.com