එබැවින් කොටස් වෙළඳ පොල ආශ්රිතව යැපෙන සමාගම් වන තැරැව්කාර සමාගම්, ඒහා ආශ්රිතව වාර්තාවන් ඉදිරිපත් කරන ආයතන ඇතුළු තවත් විශාල ප්රමාණයක් ආයතන වල ආදයම් තත්වය පහත බැස ඇත.
තවද කොටස් වෙළඳ පොලෙහි කරන සියළුම ගණුදෙනු සඳහා එම ආයෝජකයාගේ නිවසට හෝ කාර්යාලයට ලිපියක් යවනු ලැබේ. කොටස් වෙළඳ පොලෙහි සිදුවන ගණුදෙනු අඩු වීම නිසා එම ලිපි ප්රමාණයද අඩුවී ඇති බැවින් එමඟින් තැපැල් සංස්ථාවටද සිදුවන්නේද මිලියන ගණනක පාඩුවකි.
එසේම එම තැරැව්කාර සමාගම් තම පාරිභෝගිකයන්ට එම අදාල මෘදුකාංග ඇතුළු පහසුකම් ලබාදීමට විශාල මුදලක් වැයකරනු ලබයි ඒ අතරම එම ආයතනවල වැඩකරන සේවකයන්ගේ වැටුප්ද ගෙවීමට අපහසු තත්වයක්ද මෙසේ කොටස් වෙළඳ පොල ඉදිරියටත් පසු බැසීමක් තුල සිදුවිය හැක.
තවද මෙම දිනවල කොටස් මිලදී ගැනීම වැඩි වශයෙන් සිදුකරනු ලබන්නේ විදේශිකයන් විසින් වන අතර බොහෝ විට විකුණුම් පාර්ශවයද තවත විදේශ ආයෝජනයකි.
මෙවැනි ගණුදෙනු සිදුකරනු ලබන්නේ තැරැව්කාර සමාගම් වලින් අතලොස්සක් වන අතර අනෙකුත් තැරැව්කාර සමාගම් වල ආදායම් තත්වය 2010 සහ 2011 වසර වලට සාපේක්ෂව 70% ත් 80% පමණ අතර අඩුවී ඇති බව කල ගණන් බැලීම් වලදී හෙලිවී ඇත.
මෙවැනි වාතාවරණයක් තුල කොටස් වෙළඳ පොල ආයෝජකයන් පොළඹවන තැරැව්කාර සමාගම් කිහිපයක් පාඩු පිට වසා දැමීමක් සිදුවුව හොත් කොටස් වෙළඳ පොල ක්රියා කාරීත්වයද කිසියම් කාලයකට නවතා දැමීමේ අවධානමක්ද නැතුවා නොවේ.
(මෙය කොටස් වෙළඳ පොල ආශ්රිතව මේ දිනවල සිදුවන වංචාවන් සහ පවතින තත්වයන් සලකා බලා ඉදිරිපත් කරන ලද මතයන් අඩංගු ලිපියක් මිස කොටස් වෙළඳ පල සම්බන්ධව ඉදිරිපත් කරන ලද ප්රවෘතියක් නොවේ. මෙම අවධානම පිළිබඳ බලධාරීන්ගේ දෑස් විවර වීමට කාලය දැනටමත් ප්රමාද බැවින් කඩිනම් ක්රියාමාර්ගයක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.)
- ආර්.රත්නායක
Source: http://www.gossip9.com/2012/05/blog-post_3505.html#ixzz1tuCkBEc5