ඇයගේ එම මැයි දින වැඩසටහනට මහජන පක්ෂයේ එකඟතාවය පළ වී තිබූ නමුත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට වාර්තාවීමත් සමඟ ඔහු හිරුණිකාගේ මව කැඳවා දියණියගේ වැඩසටහන වලක්වන ලෙස නියෝග කොට තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට හිමි කොලොන්නාව නිවස අබලන් වී තිබීමත්, වෙනත් කිසිදු නිවසක් ඔවුන්ට නොතිබුණු නිසාත්, වෙනත් පෞද්ගලික වාහනයක් නොතිබුණු නිසාත්, හිරුණිකා සහ ඇයගේ සොහොයුරා නඩත්තු කිරීමේ අභියෝගයක්ද ඇයට තිබිණ.
කෙසේ වුවද එම තනතුර භාර ගැනීමෙන් පසු හිරුණිකාගේ දේශපාලන කටයුතු මෙල්ල කිරීම සඳහා ජනාධිපතිවරයා භාරතගේ බිරිඳට බලපෑම් කරමින් සිටී. එම තත්ත්වය යටතේ හිරුණිකාගේ මව හ~ා දොඩා හිරුණිකාගේ මැයි දින වැඩසටහන වලක්වා ඇත. ජනාධිපතිවරයාගේ බලපෑම් හේතුවෙන් භාරතගේ බිරිඳ හා දියණිය අතර පසුගිය මාස කිහිපය තුළද දිගින් දිගටම මත ගැටුම් ඇති වී තිබේ. පසුගිය දා එවැනි ගැටුමක් උත්සන්න වී ඇති අතර එයින් සිත්තැවුලට පත් හිරුණිකා මෙනවිය, කිසිවෙකුටත් නොදන්වා පෞද්ගලික බස්රථයක නැග අනුරාධපුරයට ගොස් යළි පැමිණ තිබේ.
Source - lankanewsweb.com